2026-09-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

පිං කැටේටත් බදු අය කරන නව බද්දක් ගැන ජානිපෙ කියයි

නව දේශීය ආදායම් පනතක් සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවත් ඒ තුළින් පූණ්‍යාතනවල පිං කැට සඳහා වැටෙන මුදල්වලට පවා බදු අය කිරීමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.
අද(25) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ අදහස් පළ කළේය.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හිතාමතාම අකර්මණ්‍ය තත්ත්වයට පත් කර එය පෞද්ගලීකරණය කිරීමට යාම තුළින් රටේ ජනතාව වෙත විශාල බදු බරක් පැටවෙන බවත් ඉදිරියේ දී එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කෙසේ හෝ අනුමැතිය ලබා ගැනීමේ උත්සහයක රජය නිරත වන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.
නව දේශීය ආදායම් පනත අනුව වාර්ෂිකව ලක්ෂ 5 ක ආදායමක් ලබන වෘත්තිකයෙක් එක් රුපියලක් හෝ ලක්ෂ 5 ට වඩා ඉපැයීමක් කළහොත් සියයට 4 ත් සියයට 24 ත් අතර බදු මුදලක් ඒ සඳහා ගෙවීමට සිදුවන බව ද ජයන්ත සමරවීර මහතා කියා සිටියේය
(under the courtesy of adaderana news web)

Related posts

සුවය ලැබු ආසාදිතයින් ගණන 260 ක් දක්වා ඉහළට

Shiran Viraj

මෙතෙක් දරුණුම කොරෝනා ප‍්‍රභේදය හමුවේ.. සියළු එන්නත් බිදිමින් වේගයෙන් පැතිරේ..

Shiran Viraj

මහජනයා පීවාඩට පත්වෙන තවත් දැවැන්ත වර්ජනයක් සූදානම් වෙයි

Shiran Viraj
Translate »