30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
LIFE LIFE NEWS News

මීයෙක්‌ සපා කෑවාට සුදු කබර හැදෙනවද?

ප්‍රශ්නය – සුදු කබර රෝගය සම්බන්ධයෙන් බටහිර විද්‍යාව ගෙනන නිර්වචනය පසුගිය සතියේදී ඔබ අපට කිව්වා. අද අප ඔබෙන් විමසන්නේ මේ රෝගය පිළිබඳ ආයුර්වේදයේ එන අර්ථකථනයයි.
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – පොතු කබරවලට ආයුර්වේදයේ කියන්නේ ‘කිටිබා’ රෝගයකියලයි. සුදු කබරවලට ශ්වේතා කියලත් කියනවා. ඒ වගේම වරුණල කියලත් හඳුන්වනවා. කබර විශේෂ වර්ග දෙකක්‌ තිබෙනවා. එකක්‌ සුදු කබර අනෙක පොතු කබර. අප කතා කරන්නේ සුදු කබර ගැන. සුදු කබර මුලින්ම එන්නේ තොල්පටේ කුඩා තිතක්‌ විදියට කියන එක තමයි ආයුර්වේදයේ කියන්නේ. සමහර අයගේ ශරීරයේ වෙන තැන්වලිනුත් කබර මතුවෙනවා වෙන්නට පුළුවන්. සුදු කබරවල ප්‍රභේද තුනක්‌ තිබෙන බව ආයුර්වේදයේ සඳහන් වෙනවා ලෝක ජනගහනයෙන් 2% කට මේ රෝගය තිබෙන අතර අවුරුදු 2000 ක්‌ පැරැණි ඉන්දියානු ආයුර්වේද ග්‍රන්ථයක්‌ වන වරක සංහිතාව තුළ මේ සඳහා බෙහෙත් තිබෙනවා. එහි සඳහන් වන පරිදි සුදු කබර රෝගය හටගැනීමට පහත සඳහන් හේතු බලපානවා. එනම්,
1. විරුද්ධාහාර සහ විරුද්ධ පාන ගැනීමත්, එනම් ශරීරය තුළට ගියාම එකිනෙක සමඟ ගැටෙන වර්ගයේ ආහාර ගැනීමෙන් (උදා – ආයුර්වේදයේ එන විදියට මත්ස්‍යයන් ආහාරයට ගැනීමෙන් පසු කිරි පානය කිරීම අහිතකරයි.එය විෂ සහිත ගුණය ඇති කරනවා.)
2. ශරීරයේ ස්‌වභාවික අවශ්‍යතා, එනම් කුසගින්න, නින්ද. කාමාශාව වැනි හැඟීම් බලහත්කාරයෙන් මැඬ පවත්වා ගැනීම.
3. බර ආහාර ගැනීම සහ අධික උෂ්ණත්වයක්‌ යටතේ ව්‍යායාම කිරීම.
4. ශරීරයට සුදුසු බවට නියම කර ඇති ආහාර ගැනීම සිදු නොකිරීම සහ නිරාහාරව සිටීම.
5. අධික සූර්ය රශ්මියට නිරාවරණය වීමෙන් පසු එකෙනෙහිම අධික ශීතල ජලයෙන් ස්‌නානය කිරිම හෝ එම ජලය පානය කිරීම.
6. පිස ආහාරයට ගත යුතු ආහාර පිසීමෙන් තොරව ආහාරට ගැනීම සහ එක්‌ ආහාරයක්‌ දිරවීමට කලින් ඊළඟ ආහාරය ගැනීම.
7. නැවුම් ධාන්‍යවලින් සකස්‌ කළ ආහාර ප්‍රමාණය ඉක්‌මවා නිතර ගැනීමසහ මුදවපු කිරි, මිරිස්‌, ලුනු සහ ඇඹුල් යොදා තැනූ ආහාර ප්‍රමාණය ඉක්‌මවා ගැනීම.
8. අසත්‍යයෙන් ජීවත් වීම, කෙළෙහිගුණ නොසැලකීම, උගතුන්ට පරිභව කිරීම පෙර ජාතියේ කළ ක්‍රියාවලට අදාල කර්ම ශක්‌තිය.
9. මානසික ආතතිය
10. දීර්ඝ කාලීනව රස ඖෂධ/ ඖෂධ පරිහරණය කිරීම.
11. සර්ප විෂක්‌ හෝ වෙනයම් තියුණු විෂක්‌ ශරීරගත වීම.
ප්‍රශ්නය – මීයන්ගෙන් මේ රෝගය හැදෙනවද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – සමහර පැරැණි පොත්පත්වල තිබෙනවා මීයන් සපා කෑමෙන් මේ රෝගය හැදෙනවා කියලා. ඒත් නවීන විද්‍යාවට අනුව එහෙම නැහැ. නවීන විද්‍යාවෙන් කියන්නේ ශරිරයේ මෙලනින් වර්ණකය ක්‍රමානුකූලව විනාශ වීම නිසා මෙය හට ගන්නා බවයි. කොහොමවුණත් මීයන්ගේ ශුක්‍රානුවල අධික විෂක්‌ තිබෙනවා.
ප්‍රශ්නය – සුදු කබර රෝගය හට ගැනීමට බලපාන වෙනත් විෂ වර්ග මොනවද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – විශේෂයෙන් සර්පවිෂ. තව දුරටත් කියනවා නම් පොළොං විෂ, මෙහි අධි බලගතු ප්‍රොaටීනයක්‌ තිබෙනවා. පොළොං විෂට බෙහෙත් කර විෂ බස්‌සා රෝගියා සුවපත් කළත් එම විෂ නසා ශරීරයේ පිත ඉහළ යනවා. ඒ නිසාම මෙලනින් වර්ණකය විනාශ වෙලා සුදු කබර හට ගන්නට ඉඩ තිබෙනවා.
තවත් දෙයක්‌ කියන්නම්. අපේ රටේ නිපදවන සහල්වල ආසනික්‌ ප්‍රතිශතය ඉතාම ඉහළ බව අප කවුරුත් දන්නවා. දීර්ඝ කාලයක්‌ මේ සහල් පරිභෝජනය කරන විට ශරීරයේ විෂ එකතු වීමට පටන් ගන්නවා. ඒ වගේම කෘත්‍රිම රසකාරක, රස උත්තේජක වැනි දේවලුත් ඉතා නරකට බලපානවා.
ප්‍රශ්නය – මේ රෝගය හට ගන්නට එනම් පිට දාන්නට කොපමණ කල් යනවද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – මෙය දිගු ඉතිහාසයක්‌ තිබෙන රෝගයක්‌. සමහර විට මෙය මතු වන්නේ අවුරුදු 15 කට 20 කට පෙර ශරීරයේ තැන්පත් වූ විෂක්‌ නැත්නම් හටගත් විපර්යාසයක්‌ නිසා වෙන්නට පුළුවන්. කුඩා කාලයේ ඇති වූ මානසික පීඩාකාරී තත්ත්වයක්‌ තරුණ වියේදී මතුවෙලා මේ රෝගය හට ගන්නටත් පුළුවන්.
ප්‍රශ්නය – මේ රෝගයේ රෝග ලක්‍ෂණ මොනවද?
වෛද්‍ය ශ්‍රී ලක්‌මාල් සුගතදාස – ශරීරය මතුපිට කුඩා සුදු තිත් හට ගැනීම, නිතර බියපත් ස්‌වභාවයක්‌ මතුවීම. ඇඟ කැසීම. ඇඟ කෙවෙන බවක්‌ දැනීම, කායික විඩාව, මානසික විඩාව තමයි මූලික ලක්‍ෂණ වන්නේ.
divaina.com

Related posts

කැලිෆෝනියා ප්‍රාන්තයට හිම කුණාටුවක්

Shiran Viraj

යකඩ යකාට 1ක් බිලි

Shiran Viraj

ගෑස් අලෙවිය විශාල ලෙස අඩුවේ.. විදුලි උදුන් තොග අවසන්…. විදුලි පද්ධතියට තවත් බරක්…

Shiran Viraj