2026-02-10
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රින්ස්ව ජීවත් කරවීමට නොමියෙන ගීත දෙකක් විකිණීමට යයි..ප්‍රින්ස්ගේ සොයුරිය හිරු ගොසිප් වෙත කියූ සංවේදී කතාව

ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගායනා කළ ගීත දෙකක් විකිණිමට යන පුවතක් වාර්තාවුණා. එහි ඇති සත්‍යතාවය ගැන දැනගැනීමට අප ඔහුගේ සොහොයුරිය සම්බන්ධ කර ගත්තා.
ඇය හිරු ගොසිප් වෙත පැවසුවේ එවැනි තීරණයක් ගෙන ඇති බවත් දැනට එම ගීත දෙක විකුණා නොමැති බවයි.
එවැනි තීරණයකට එළඹුනේ මේ වන විට ඔහුගේ ප්‍රථිකාර සඳහා ඉඩ කඩම්, යාන වාහනද විකුණා තිබෙන අතර තවත් ලක්ෂ 25ක පමණ මුදලක් එන්නත් සඳහා වියදම් වන නිසා බවත් ඇය අප වෙත කියා සිටියා.
එලෙස විකිණීමට තීරණය කර ඇත්තේ ප්‍රින්ස් විසින්ම තනු නිර්මාණය කළ රසික සිත් ඇද බැඳ ගත් ”ඔබ මා හදින් සැඟවී නොයන්, ඔබ හා ගෙවූ අතීතේ යන ගීත බවයි ඇය පැවසුවේ. තවද යම් කිසි පුද්ගලයෙකු විසින් එම ගීත ඉල්ලා සිටි බවත් පසුව එවැනි තීරණයකට පැමිණි බවත් ඇය වැඩිදුරටත් පැවසුවා.
ඔහු වෙනුවෙන් උපකාර කිරීමට කැමති කෙනෙක් වේ නම් ඔහුගේ ගිණුම් අංකය සහ තවත් තොරතුරු දැනගැනීමට පහත සඳහන් දුරකතන අංකයන් ඇමතීමෙන් පුළුවන්.
0777366128 | 0769111838
මේ සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරිය මුහුණු පොතේ දැමූ සටහනක් පහතින් බලන්න

කෙසේ වෙතත් නිර්මාණකරුවකුට තම නිර්මාණ තම ජීවිතය මෙන්ම වටිනවා. ගායන ශිල්පී ප්‍රින්ස් එවැනි තීරණයකට එළඹුනේ වෙන කිසිවක් කිරීමට නොහැකි නිසාවෙනි. ඔහුට ඉක්මන් සුවය ලැබේවායි හිරු ගොසිප් අපගේ පැතුමයි…
අදාල ගීත දෙක පහතින් අහන්න

Related posts

කොට්ටාවේ තරුණියගේ ඝාතනයට සම්බන්ධ සැකකරු පොලිසියට බාර වෙයි

Shiran Viraj

අමිල ගැන මිහිරුනි දන්න දේ

Shiran Viraj

දෙවැනි ඉනීමේ සිංදු වලට ශනුද්‍රි ඇතුළු පිරිස නර්තනයේ යෙදුණු හැටි

Shiran Viraj
Translate »