22.8 C
Colombo
2026-03-03
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

පරිඝනක වෛරසය ගැන අනතුරු ඇඟවීමක්

රැන්සම්වෙයා ලෙස හැඳින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදය හේතුවෙන් අන්තර්ජාල භාවිතය පිළිබඳ සැළකිලිමත් වන ලෙස පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා.
එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ විශේෂයෙන් විද්‍යුත් තැපෑල භාවිතය පිළිබඳ වඩාත් සැළකිලිමත් වන ලෙසයි.
එමෙන්ම පරිඝනක මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම, ඔබගේ පරිඝනකයේ ප්‍රතිවෛරස් මෘදුකාංගය update කර තබාගැනීම, පරිඝනකයේ ඇති විශේෂ දත්ත backup එකක් ලෙස තබා ගැනීම මෙම වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි ක්‍රම බවයි රොෂාන් චන්ද්‍රගුප්ත මහතා වැඩිදුරටත් සඳහන් කරේ.
තවත් සයිබර් ප්‍රහාරයක් අද (15) දිනයේදී එල්ලවිය හැකි බවට මයික්‍රොසොෆ්ට් ආයතනය දැනටමත් අනතුරු අඟවා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

සියලුම රාජ්‍ය සේවකයින්ට වසර පහක් නිවාඩු ලබා ගැනීමේ චක්‍රලේඛය ක‍්‍රියාත්මකයි… විදෙස් රැකියා පුහුණුවක්…

Shiran Viraj

කළුතර සමූල ඝාතක පාතාලයෝ රටින් පනින්න ආසන්නයි..

Shiran Viraj

අධි වේගයෙන් ගිය මෝටර් රථය උඩුකුරුව කුඹුර දිගේ යයි..

Shiran Viraj
Translate »