mediahumanrights.lk
Local News News

ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයි

ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ගබුගම ජල නල කිහිපයක් ගංවතුර හේතුවෙන් කැඩී ගොස් ඇති බවත් දැනට විකල්ප ජල නල මාර්ග හරහා ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
දකුණු පළාතේ ද ජල සැපයුම මේ වනවිට සිදු කෙරෙන්නේ අවහිරතා සහිතවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් ඒ පිළිබඳව ද කරුණු දැක්වූවා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මාතර ජල පොම්පාගාර 04 න් 03 ක් මේ වන විට ගංවතුරට යට වී ඇති බවයි. එම පොම්පාගාර 03 ම මේ වන විට මුලුමනින්ම අක්‍රිය වී ඇති බවද සඳහන් කළා. දැනට ජලය ලබාදීමේ කටයුතු එක් පොම්පාගාරයක් හරහා සිදු කෙරෙන බවද පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

ඇමරිකාවේ නිශ්පාදිත සන්නිවේදන පෙට්ටියක් මන්නරම් යුදහමුදා කඳවුරක් ආසන්නයට ගසාගෙන එයි…

Shiran Viraj

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟය අද

Shiran Viraj

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

Shiran Viraj