mediahumanrights.lk
Local News News

ජල පොම්පාගාරත් ගංවතුරෙන් යටවෙයි

ප‍්‍රදේශ කිහිපයක ජල සැපයුමට ද මේ වනවිට බාධා පැමිණ තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ කොළඹට ද ජල සැපයුම සිදු කෙරෙන්නේ අඩු පීඩනයක් යටතේ බවයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් පැවසුවේ ගබුගම ජල නල කිහිපයක් ගංවතුර හේතුවෙන් කැඩී ගොස් ඇති බවත් දැනට විකල්ප ජල නල මාර්ග හරහා ජලය ලබා දීමට පියවර ගෙන ඇති බවයි.
දකුණු පළාතේ ද ජල සැපයුම මේ වනවිට සිදු කෙරෙන්නේ අවහිරතා සහිතවයි. ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සභාපති කේ ඒ අන්සාර් ඒ පිළිබඳව ද කරුණු දැක්වූවා.
එහිදී ඔහු පෙන්වා දුන්නේ මාතර ජල පොම්පාගාර 04 න් 03 ක් මේ වන විට ගංවතුරට යට වී ඇති බවයි. එම පොම්පාගාර 03 ම මේ වන විට මුලුමනින්ම අක්‍රිය වී ඇති බවද සඳහන් කළා. දැනට ජලය ලබාදීමේ කටයුතු එක් පොම්පාගාරයක් හරහා සිදු කෙරෙන බවද පෙන්වා දුන්නා.
(under the courtesy of nethfm news web)

Related posts

රාජ්‍ය ගිණුම්කාරක සභාවේ වාර්තාව අනුව රාජ්‍ය ආයතන 50%ක් අයහපත් මට්ටමක

Shiran Viraj

කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයි

Shiran Viraj

සහරාන්ව නැවැත්වීමට තිබුණේ මීට වසර 05කට පෙර බව පාඨලී කියයි

Shiran Viraj