27.3 C
Colombo
2025-07-31
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අද

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය ඉකුත් 3 වැනිදා තීන්දු කළේය.
එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අද (15) දක්වා ක්‍රියාත්මකවීම අත්හිටුවමින් තාවකාලික අතුරු නියෝගයක් ඉකුත් 12 දා නිකුත් කළේය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

2017 දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 762ක්

Shiran Viraj

පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්

Shiran Viraj

කාන්තාවන්ට ජංගම දුරකථන තහනමක්

Shiran Viraj