26.7 C
Colombo
2026-09-03
mediahumanrights.lk
Local NewsNewsPolitical

ගීතාගේ මන්ත්‍රීධුරය අතුරු තහනම් නියෝගය දීර්ඝ කරනවාද? තීරණය අද

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසිකරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම අත්හිටුවා පනවා ඇති අතුරු නියෝගය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීමට නියමිතය. ද්විත්ව පුරවැසිභාවය ලබාතිබීම නිසා ගීතා කුමාරසිංහ මහත්මිය මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක්දැරීමට නුසුදුස්සෙකු ලෙස අභියාචනාධිකරණය ඉකුත් 3 වැනිදා තීන්දු කළේය.
එම තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ගොනුකළ පෙත්සමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව අද (15) දක්වා ක්‍රියාත්මකවීම අත්හිටුවමින් තාවකාලික අතුරු නියෝගයක් ඉකුත් 12 දා නිකුත් කළේය.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුගේ වත්කම් රාජසන්තක කිරීමට පියවර

Shiran Viraj

සියළු මන්ත‍්‍රී වැටුප් අහෝසියි.. පාර්ලිමේන්තු කෑම නැ.. ගෙදරින් කෑම ගේන්න.. මාදිවෙල නිවාස සරසවි සිසුන්ට..- පලමු දිනයේම යෝජනාවක්…

Shiran Viraj

ජනාධිපති-අගමැති ගෝටාගෝගම සිර මැදිරිය සිර කරයි..

Shiran Viraj
Translate »