2026-09-07
mediahumanrights.lk
Local NewsNewsPolitical

විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

පළාත් සභා මන්ත්‍රීවරුන් විනය විරෝධිව කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.
ඇතැම් පළාත් සභාවල මන්ත්‍රීවරුන් එම පළාත් සභාව තුළ ස්වාධිනව කටයුතු කිරීමට උත්සහ දරන බවට සහ බල පෙරලියක් සිදු කිරීමට සූදානම් වන බවට පසුගිය දිනවල කතාබහට ලක් වූ බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
වලස්මුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය  මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේය.
මේ අතර වත්මන් ආණ්ඩුව පිරිසිදු ආණ්ඩුවක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරියේදී තින්දු තීරණ රැසක් ගනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

මෙරට පළමුවරට විභාග අපේක්ෂකයින්ට ඝණක යන්ත්‍ර භාවිතයට අවසර

Shiran Viraj

දශක දෙකකට පසු ඉන්දියාවට දරුණු සුළි කුණාටුවක්

Shiran Viraj

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

Shiran Viraj
Translate »