තබ්බෝව ජලාශයේ වාන්දොරටු 8ක් විවෘත කිරීමත් සමඟ තත්පරයට ඝන අඩි 2,640ක ජල ධාරිතාවක් මී ඔයට මුදාහැරෙන බැවින්, තබ්බෝව ජලාශයේ පහළ ධාරාවේ සහ මී ඔය දෙපස පදිංචි ජනතාවට දැඩි විමසිලිමත්භාවයකින් පසුවන ලෙස අවධානම් නිවේදනයක් නිකුත් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ, මී ඔය ද්රෝණියේ පිහිටි තබ්බෝව ජලාශයට දැනට ගලා එන ජල ධාරිතාව පාලනය කිරීම සඳහා එහි වාන්දොරටු 4ක් අඩි 2 බැගින් සහ තවත් වාන්දොරටු 4ක් අඩි 1 බැගින් විවෘත කර ඇති බවයි.
ගංගාවේ ජල මට්ටමේ සිදුවන වෙනස්කම් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙසත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ බලධාරීන් නිකුත් කරනු ලබන නිල නිවේදන අනුගමනය කරන ලෙසත් ඔහු ප්රදේශවාසීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම ජල මට්ටම ඉහළ යාමට අනුකූලව අවශ්ය සියලු ආරක්ෂිත පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ලැබේ.

