2026-09-07
mediahumanrights.lk
Local NewsNews

කවුරුත් යන එන කොටුවේ කිසිවෙකු නොදත් සොහොන් බිම ?

කොටුව ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් අද (22) හමු වී තිබෙනවා.
එහි කැනීම් කටයුතු කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ අධික්ෂණය ආරම්භ කළ අතර හෙට දිනයේද අදාල කැනීම් සිදුකිරීමට නියමිතයි.
පසුගියදා ෂැංග්‍රිලා හෝටල් ඉදිකිරීම් භූමියේ තිබී මිනිස් අස්ථි කොටස් හමුවීමෙන් අනතුරුව එම අස්ථි කොටස් මුද්‍රා තබා අධිකරණ වෛද්‍ය නිලධාරි කර්යාලයට යොමු කිරිමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
මෙම අස්ථි කොටස් කැනීම් කටයුතු සිදු කරන භුමිය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් මැණුම්පති,ප්‍රාදේශීය ලේකම්,නාගරික කොමසාරිස්,සභාපති නාගරික සංවර්ධන අධීකාරිය,පීඨාධීපති තොරතුරු තාක්ෂණ ආයතනය,ව්‍යාපෘති අධ්‍යක්ෂක ෂැංග්‍රිල්ලා හොටල් පුද්ගලික සමාගම සහ පුරාවිද්‍යා මහාචාර්යවරුන් රැදී සිටින බවද වාර්තා වනවා.
මෙම භූමියේ කානුවක් කැපීම සඳහා කැනීම් කටයුතු සිදු කරමින් පවතින අවස්ථාවේ අඩි 8ක් පමණ පොලොව යට තිබූ මෙම මිනිස් ඇට සැකිලි බවට සැකකෙරෙන අස්ථි කොටස් හමු වී ඇති අතර මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට පැමිණිලි කිරමෙන් අනතුරුව මෙහි විමර්ශන ආරම්භ කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දුන් ආරක්ෂක අමාත්‍යාංශයේ රියදුරකුගේද සාක්ෂි සටහන් කරගෙන ඇති අතර ඔහු වසර 26 ක සිට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ සේවය කරන බවත් ඈත අතීතයේ එම භූමියේ සොහොන් බිමක් තිබී ඇති බවට අසා ඇති බව ඔහු ප්‍රකාශ කර ඇති බවත් සටහන් කර ඇති බවටයි වාර්තා වන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

ඩොලරය යළිත් ඉහළ යයි

Shiran Viraj

කණ්ඩලම සහ දඹුලූ ඔයේ කිඹුල් තර්ජන ඉහළට

Shiran Viraj

ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

Shiran Viraj
Translate »