28.4 C
Colombo
2026-09-28
mediahumanrights.lk
NewsPolitical

ෆොන්සේකා ලොකු තනතුරකටද..?

තමන් ආණ්ඩුවේ තනතුරක් ලබා ගැනීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.

මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ ඔහු තබා ඇති සටහන මෙසේය.

අසත්‍ය ප්‍රචාර හරහා ජනතාව නොමඟ යැවීමේ උත්සාහය තරයේ හෙලා දකිමි.

ගෝටාභය රාජපක්ශ ජනාධිපති ලෙස සිටින රජයක කිසිදු තනතුරක් ලබා ගැනීම එක හෙලා ප්‍රතික්ෂේප කරමි .

සමස්ථ ශ්‍රීලාංකීය ජාතියම සාමකාමී අවිහිංසාවාදී පුරවැසි අරගලයක් හරහා ඉල්ලා සිටින ප්‍රධාන ඉල්ලීම් සමග මමත් කොන්දේසි විරහිතව සිටගනිමි.

ගාලුමුවදොර විරෝධතා භූමියේ සිට රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, දැයේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් හඬ නගන ජනතාවගේ ඉල්ලීම් පිලිබදව අතිශයින් සංවේදී වෙමි.

ආරම්භයේ සිටම අරගලයේ නියුතු අභීත සටන්කාමී පුරවැසි දූදරුවන්ට හදවතින්ම ආශිර්වාද කල මම කිසිවිටෙකත් ගාලුමුවදොර අරගලකරුවන් සමග සාකච්ඡාවකින් තොරව රාජපක්ශලාගේ අර්බුදය විසදීමේ කොටස්කරුවකු නොවෙමි .

Related posts

ශ‍්‍රී ලංකාව ජනප‍්‍රියම සංචාරක ගමනාන්ත අතර පලමු තැනට පත්වේ..

Shiran Viraj

එක පවුලක් මාස 30න් ශ‍්‍රී ලංකාව බංකොලොත් කල හැටි..- Bloomberg ලෝ පුරා කියයි.. වාර්තාව මෙන්න……

Shiran Viraj

අගමැති වියට්නාමයට යයි

Shiran Viraj
Translate »