mediahumanrights.lk
Local NewsNewsPolitical

ඇමති දයා ගමගේ පුද්ගලික හෙලිකොප්ටරයෙන් ගංවතුර ආපදා ලෙඩුන් ප‍්‍රවාහනයේ..

පසුගිය දින කිහිපයේ ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමට අමාත්‍ය දයා ගමගේ විශේෂ වෛද්‍ය කණ්ඩායමක් සමඟ ගුවනින් කලවාන රෝහල වෙත ලඟා විය. සෑම ප්‍රවේශ මාර්ගයක්ම ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී සිටින මෙම ජනතාවගේ සුවදුක් විමසීමට ලඟා වුණු පළමු සහන කණ්ඩායම මෙය විය. එහිදී රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ඝර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් තම පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.
පැය කිහිපයක නිරීක්ෂණ චාරිකාවක යෙදුන අමාත්‍යතුමන් කලවාන හා අයගම ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසා බැලීමට කටයුතු කල අතර ජනතාවගේ මූලික ආහාර හා සෞඛ්‍ය අවශ්‍යතා සපයා දීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. එමෙන්ම ප්‍රදේශයේ සියලුම ප්‍රවේශ මාර්ග යථාතත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එහිදී අමාත්‍යවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දෙන ලදී.
බිඳ වැටි ඇති ප්‍රදේශයේ විදුලි පහසුකම් යථාතත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ විදුලිබල මණ්ඩලයේ කණ්ඩායමක් වහාම පීඩාවට පත් කලවාන ප්‍රදේශයට ගුවනින් ලඟා වීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු අමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සිදුවිය. මෙතෙක් අඩාල වී ඇති සංනිවේදන පහසුකම් යථාතත්වයට පත් කර ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් අමාත්‍යතුමා ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සහය ඇතිව විපතටපත් ජනතාවට අවශ්‍ය පහසුකම් සපයා දිය යුතු බව ප්‍රකාශ කලේය.
– ජොර්ජ් ද සිල්වා

Related posts

ලංකාව පරදා ඉන්දියාව බිහි කළ අලුත්ම ක්‍රිකට් වාර්තාව

Shiran Viraj

කලාකරුවෝ කා කොටාගනිති… ‘ඉරාජ් එක්ක බෑ..’ කියා කසුන් කල්හාර, උමාරා ‘රගහල’ වර්ජනයේ..

Shiran Viraj

‘ස්පා’ මුවාවෙන් ගණිකා මඩම් නැවත ක්‍රියාත්මකයි: බලධාරීන්ට ප්‍රශ්න!

Shiran Viraj
Translate »