31.1 C
Colombo
2026-09-04
mediahumanrights.lk
Local NewsNews

හදිසි අනතුරු ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගිණි කෙළි භාවිත කරන්නේ නම් සෑම විටම නියමිත ආරක්ෂක උපදෙස් පිළිපදින්නැයි නැවත ඉල්ලීමක් කෙරෙනවා.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ පුහුණු කිරීමේ හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා පෙන්වා දෙන්නේ නොදැල්වී ඇති ගිනිකෙළි නැවත පරීක්ෂා කිරීමට යෑමෙන් බොහෝ අනතුරු සිදුව ඇති බවයි. ඒ හේතුවෙන් එවැනි ක්‍රියා සඳහා යොමු නොවන ලෙසද පුෂ්පා රම්‍යානි ද සොයිසා ඉල්ලා සිටියා. වර්තමානයේ ඇති ඇතැම් නිලාකූරු හේතුවෙන්ද ජීවිත අවදානම් තත්ත්වයන් උදාවී ඇති බවත් පෙන්වා දුන්නා.
ගිනිකෙළි උපයෝගී කරගනිමින් සිදු කරන විහිළු තහඵ හේතුවෙන්ද බොහෝ පිරිසක් අනතුරුවලට ලක්වන බව පෙනී ගොස් තිබෙන බවද සඳහන් කෙරුණා.
ගිණි කෙළි අනතුරු මෙන්ම වෙනත් අනතුරු වළක්වා ගැනීමට ද විමසිලිමත් වන ලෙස හෙද නිලධාරීනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙහි දී වැඩිදුරටත් ඉල්ලීමක් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

Shiran Viraj

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට මැයි 4 දක්වා දිගටම ඇඳිරි නීතිය

Shiran Viraj

අර්චුනා හෝටයක යකා නටමින් පහර දෙයි.. දෙදෙනෙක් තුවාල ලබා රෝහලේ..

Shiran Viraj
Translate »