31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNews

සමගිපුරේ පිරිසකුයි පොලිසියයි අතර ගැටුමක් – තත්ත්වය පාලනය කරන්න පොලිසිය වෙඩි තබයි

මහඔය කොඩිතුවක්කුතලාව සමගිපුර ප‍්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් පිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබෙනවා.
සිවිල් පුද්ගලයින් පොලුවලින් කළ පහරදීම් නිසා පොලිස් නිළධාරීන් පස් දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි පොලිස් ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි පැවසුවේ.
එක් පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිණි අවියක් ද උදුරා ගැනීමට උත්සහ කර තිබෙනවා. එහි දී තවත් පොලිස් නිලධාරියෙකු වෙඩි තැබීමක් සිදු කර ඇති අතර එම වෙඩි තැබීමෙන් සිවිල් පුද්ගලයෙකු හා කාන්තාවක් තුවාල ලබා ඇති බවයි පොලිස් ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ආරවුලක් හේතුවෙන් කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු රඳවාගෙන ඇතැයි පොලිසියට ඊයේ (11) රාත‍්‍රීයේ ලැබුණු දුරකථන පණිවුඩයක් අනූව අදාල නිලධාරීන් කණ්ඩායම සමගිපුර ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.
දුරකථන පණිවුඩය ලබා දුන් පුද්ගලයාගේ රන් මාලයක් ද කොල්ලකා තිබුණු බවයි පොලිස් ප‍්‍රකාශකවරයා කියා සිටියේ. ඒ සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සැකකරුවන් දෙදෙනා මේ වනවිට මහඔය රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවයි පොලිස් ප‍්‍රකාශකවරයා කියා සිටියේ.
සිවිල් පුද්ගලයින් පොලුවලින් කළ පහරදීම නිසා තුවාල ලැබූ පොලිස් නිලධාරීන් පස් දෙනා ද මහඔය රෝහලේම ප‍්‍රතිකාර ලබනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සිවිල් පුද්ගලයා සහ කාන්තාව ප‍්‍රතිකාර ලබන්නේ මහියංගනය රෝහලේයි.
(under the courtesy of nethfm news web)

Related posts

මියන්මාර සංචාරක වීසා අත්හිටුවා නැහැ

Shiran Viraj

ඇමරිකාව කොරෝනා ආසාදිතයන් මිලියනය පනී.. මරණ 56,000 පනී..

Shiran Viraj

අත්අඩංගුවට ගත් සැකකරුවෙක් මිය යයි.. වැලිකඩ OIC ධුරයෙන් ඉවතට..

Shiran Viraj
Translate »