2026-09-07
mediahumanrights.lk
Local NewsNews

13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේ

තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් සැකපිට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙදරේරුවෙකු ලෙසින් සේවය කරන හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරුගේ නැගණිය වන 13 හැවිරිදි පාසල් සිසුවිය ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
එහිදී හෙළිවී ඇත්තේ එම සිසුවිය ගබ්සා කිරීමකට ලක්කිරීම හේතුවෙන් අදාළ රෝගී තත්වයට ගොදුරු වී ඇති බවයි.
ඒ අනුව රෝහල් පොලිසිය විසින් එම සිසුවියගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර දිනක තමන් පාසලට ගොස් පැමිණි අවස්ථාවක සොහොයුරා විසින් තමන්ට අතවර සිදුකළ බව ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
පසුව අවස්ථා කිහිපයකදී තම සොහොයුරා සමඟ අඹු – සැමියන් ලෙස හැසිරුනු බවද ඇය රෝහල් පොලීසියේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රකාශය අනුවයි සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

සමාජ ජාල නියාමයන කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි..

Shiran Viraj

ඊයේ රාත්‍රියේ තද සුළඟක් – නිවාස 21 කට හානි

Shiran Viraj

පාර්ලිමේන්තුවේ බහුතරය අපට නෑ..අයවැය සම්මත කිරීම ගැටළුවක්-මරික්කාර්

Shiran Viraj
Translate »