mediahumanrights.lk
Local NewsNewsPolitical

මිනිස්සු හැම තිස්සෙම නැතිබැරිකම ගැන කියනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නෑ..- රෙජිනෝල්ඞ්

උතුරු පළාතේ වවුනියාව මාමඩුව ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය රෝහල් පරිශ‍්‍රයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ නව වකුගඩු රෝග පරීක්ෂණ මධ්‍යස්ථානය පසුගියදා විවෘත විය.
එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා
අසනීප වුනාම අපි කවුරුත් රෝගීන් එතනදී සිංහල ඩයබිටික් දෙමළ ඩයබිටික් කියල වර්ග කරලා සිංහල වකුගඩු දෙමළ වකුගඩු කියලා වර්ග කරලා එහෙම වෙනසක් නැහැ. ලෙඩක් හැදුනම ඒ සියල්ලම හැමෝටම පොදුයි.
මේ සියල්ලටම වඩා උතුම්ම දේ මනුෂ්්‍යත්වයයි. අපි හැම තිස්සෙම නැතිකම, බැරිකම ගැන කතා කරනවා මිස මේ රජය කරන කිසිම දෙයක් ගැන කතා කරන්නේ නැහැ.
මේ යුද්ධය නිසා වැඩිපුර හානි වුනේ පාලම් පාරවල් බෝක්කු වලට වඩා මිනිස් ජීවිත වලටයි. මේ ප‍්‍රදේශයට හැකියාව දක්ෂකම සුදුසකම් ඇති දොස්තරවරු සාත්තු සේවකයින්ගේ ලොකු අඩුපාඩුකම් තියෙනවා.
යුද්ධය නිසා අවුරුදු තිහක් දුක්වින්ද මේ මිනිසුන්ට විශේෂ නීති අවශ්‍යයි.
මෙම වකුගඩු රෝග පරීක්ෂණ මධ්‍යස්ථානය ආරම්භවීම මගින් ප‍්‍රදේශයේ ජනතාවට තමන්ගේ රෝගී තත්වයන් නිසියාකාරව අධීක්ෂණ කටයුතු සිදුකරගැනීමට මනාව ඉඩකඩ සැලසෙන අතර නගරයට ගොස් නැවත ගමට පැමීණීමට ඇති දුෂ්කරතාවයන්ද මගහැරෙනු ඇත.
(under the courtesy of lankacnews news web)

Related posts

කවුරු වුණත් කමක් නෑ.. මගේ ක‍්‍රමයට වැඩ කරන්න බැරිනම් ඉල්ලා අස්වෙන්න..- ජනපති

Shiran Viraj

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj

AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්

Shiran Viraj
Translate »