2026-08-15
mediahumanrights.lk
NewsPolitical

නව මුදල් ඇමති මහින්ද රාජපක්‍ෂ…?

නව කැබිනට් මණ්ඩලයේ මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව පත් වනු ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස කටයුතු කළ සරත් වීරසේකර මහතාට එම අමාත්‍යධුරය නොලැබෙණු ඇති බවද එම ආරංචි මාර්ග කියා පැවසීය.

අද දිනය තුළ හෝ හෙට පෙරවරුවේ මෙම ඇමති මණ්ඩලය දිවුරුම් දීමට සූදානම් කරමින් තිබේ.

අප්‍රෙල් 11 වැනි දින ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමට නියමිත අතර ඊට පෙර මුදල් ඇමතිවරයෙක් පත් කිරීම අනිවාර්ය වී ඇත.

මේ අතර යෝජනා වී ඇති අන්තර්කාලීන ආණ්ඩුවක් සඳහා ජනාධිපතිවරයාගේ එකඟතාව පළ වී නැතැයිද දැනගන්නට ඇත.

Related posts

මා හමුදා සෙබළුන් ඝාතනය කල බව සත්‍යයි.. නමුත් මාව අත්අඩංගුවට ගන්න බෑ.. මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ..- කරුණා

Shiran Viraj

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙක්ට කොවිඩ්

Shiran Viraj

කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපති

Shiran Viraj
Translate »