28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

13 හැවිරිදි නැගණිය දූෂණය කළ 17 හැවිරිදි සොහොයුරා දැලේ

තමන්ගේ 13 හැවිරිදි සොහොයුරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තරුණයෙක් සැකපිට හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පෙදරේරුවෙකු ලෙසින් සේවය කරන හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි17 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
සැකකරුගේ නැගණිය වන 13 හැවිරිදි පාසල් සිසුවිය ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.
එහිදී හෙළිවී ඇත්තේ එම සිසුවිය ගබ්සා කිරීමකට ලක්කිරීම හේතුවෙන් අදාළ රෝගී තත්වයට ගොදුරු වී ඇති බවයි.
ඒ අනුව රෝහල් පොලිසිය විසින් එම සිසුවියගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර දිනක තමන් පාසලට ගොස් පැමිණි අවස්ථාවක සොහොයුරා විසින් තමන්ට අතවර සිදුකළ බව ඇය එහිදී ප්‍රකාශ කර තිබෙනවා.
පසුව අවස්ථා කිහිපයකදී තම සොහොයුරා සමඟ අඹු – සැමියන් ලෙස හැසිරුනු බවද ඇය රෝහල් පොලීසියේදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එම ප්‍රකාශය අනුවයි සැකකාර තරුණයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත පොලිසියයි වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.
(under the courtesy of hirunews news web)

Related posts

වසර 500 ක් පැරණි කයිට්ස් ලන්දේසි කොටුව සංරක්ෂණය ඇරඹෙයි

Shiran Viraj

අර්ජුන අතුරු කමිටු සභාපති කලාට ජවිපෙ විරෝධය..

Shiran Viraj

බයිසිකලේ ගිහින් ඉෂාන් පොඩි අනතුරක…

Shiran Viraj