2026-09-14
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු අවම සුදුසුකම මෙන්න

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හෝ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට ඇතුළත්කර ගන්නා ශිෂ්‍යයෙකු අවම වශයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා අංශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සමාර්ථයක් ලබා තිබිය යුතු බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සකස් කළ අවම ප‍්‍රමිතීන් ලේඛනයේ දැක්වෙනවා.
වෛද්‍ය විද්‍යාලයකට ඇතුල් වීම සඳහා ශිෂ්‍යයෙකුට තිබිය යුතු මෙම අවම සුදුසුකම ඉකුත් 2011 වසරේ සිට නියමකර තිබුණා.
මෙවර  ද එහි කිසිදු සංශෝධනයක් සිදු නොකල බවයි වෛද්‍ය සභාවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. දැනට සකස් කර ඇති අවම ප‍්‍රමිතීන් ඇතුලත් ලේඛනය ඉදිරි සතියේදී වෛද්‍ය විද්‍යාල අටේම පීඨ මණ්ඩල වෙත යොමු කෙරෙණු ඇති.
වෛද්‍ය විද්‍යාලයක තිබිය යුතු අවම පහසුකම්, දේශන ශාලා, පුස්තකාල පහසුකම්, ආචාර්ය සහ මහාචාර්යවරුන්ගේ සංඛ්‍යාව ඇතුළු කරුණු රැසක් මෙම අවම ප‍්‍රමිතීන් ලේඛණයට ඇතුළත් වනවා.
වෛද්‍ය විද්‍යාලයට නියමිත රෝහල් සංඛ්‍යාව සහ සායනික පුහුණුව සඳහා වන පහසුකම් ආදිය ද ඊට ඇතුළත් බවයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව ප‍්‍රකාශ කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

Corona : ඇමරිකාව භයානක වෙයි.. එක් දිනකදී මරණ 1000 පනී.. රෝගීන් ලක්‍ෂ දෙක පනී..

Shiran Viraj

සුළි කුණාටු ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවෙන් ඩොලර් මිලියන 350 ක සහනදායී ණය පැකේජයක්

Shiran Viraj

පළාත් කිහිපයකට අදත් තද වැසි

Shiran Viraj
Translate »