mediahumanrights.lk
LIFE NEWS News Political

රවිගේ යෝජනාවට රවිම විරුද්ද වෙයි..

රාජපක්ෂ පාලන සමයේ පාඩු ලබන සහ අසාර්ථක ව්‍යාපාර රජයට පවරා ගැනීම සඳහා ඉදිරිපත් කළ පනත හරහා රජයට පවරාගත් ලංකා ට්‍රැක්ටර් සමාගමට වන්දි ගෙවිය යුතුව ඇති බව දන්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට එම අමාත්‍යවරයාම විරෝධය පළකර ඇති බව වාර්තා වෙයි.
කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මහාධිකරණය විසින් ලබා දී ඇති නියෝගයක් හේතුවෙන් ලංකා ට්‍රැක්ටර් සමාගම රජයට පවරා ගැනීම සම්බන්ධව වන්දි ගෙවීමට සිදුව ඇති බැවින් තමන් මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා පවසයි. ඒ සමඟ හිල්ටන් හෝටලය පවරා ගැනීම වෙනුවෙන් එහි කොටස් හිමිකාරීත්වය තිබූ නිහාල් ශ්‍රී අමරසේකර වෙත ද වන්දි ගෙවීමට ඇති බව දන්වන කැබිනට් සංදේශයක් ද මුදල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ඒ අවස්ථාවේ දී අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙම වන්දි ගෙවීමේ කැබිනට් සංදේශ වෙත විරෝධය පළකර ඇති අතර එහි දී හිල්ටන් හෝටලයේ කොටස් 56%ක් හිමි අයිතිකරුවා ලෙස 2012, 2013, 2014 වර්ෂවල දී පුවත්පත්වල දැන්වීම් පවා පළකර සිටි කෝනල් පෙරේරාට ද වන්දි නොගෙවන්නේ මන්ද යන්නත්, තෝරාගත් පුද්ගලයන් වෙත වන්දි ගෙවීමට යෝජනා කරන්නේ පෞද්ගලික හිතවත්කම් මතද යන්නත් අමාත්‍යවරුන් ප්‍රශ්න කර ඇත.
එහි දී මුදල් අමාත්‍යවරයා හිල්ටන් හෝටලයේ කොටස් හිමිකාරීත්වය වෙනුවෙන් නිහාල් ශ්‍රී අමරසේකර වෙත වන්දි ප්‍රදානය කිරීමට යෝජනා කිරීම සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කර නොමැති නමුත් ලංකා ට්‍රැක්ටර් සමාගම සම්බන්ධව වන්දි ගෙවීමට තමන්ගේ ද එකඟතාවක් නැති බවත් එය තමන් ඉදිරිපත් කළේ මහාධිකරණ තීන්දුවක් ලැබී ඇති නිසා බවත් සඳහන් කර ඇත. එසේම රජය මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාව හේතුවෙන් මෙවැනි වන්දි ගෙවීම් සිදු නොකිරීමට කැබිනට් මණ්ඩලය එකඟ නම් තමන් ද ඊට මුළුමනින්ම එකඟ බව ද එහි දී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසා ඇත.
මේ අතර මීට පෙර ද රවී කරුණානායක අමාත්‍යවරයා නිහාල් ශ්‍රී අමරසේකර වෙනුවෙන් වන්දි ගෙවිය යුතුව ඇති බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන ආ බවත් එහි දී ජනාධිපතිවරයා ඊට විරෝධය පළ කළ බවත් කැබිනට් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
(under the courtesy of lankacnews news web)

Related posts

ශ‍්‍රීලනිපය රටේ ප‍්‍රශ්ණය ඇපයට ගෙන ගෙදර ප‍්‍රශ්ණයක් බේරන්න යයි.. ජනපතිගේ සාකච්චාවට කොන්දේසි..

Shiran Viraj

අමෙරිකානු ජනාධිපතිවරණ අවසන් ප‍්‍රථිඵලය තවදුරටත් කල් යයි

Shiran Viraj

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj