31.7 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ.
අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා තියුණු ආයුධයකින් බිරිඳගේ හිසට පහර දී ඇති බව සඳහන්ය.
බරපතළ තුවාල ලැබු කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

උසස් පෙළ කල් දමනවාද? විභාග කොමසාරිස්ගෙන් උත්තර

Shiran Viraj

සියළුම ජාලවලින් එකම අංකයක්..

Shiran Viraj

යුද හමුදා ලොක්කෙක් පිටුපස CIDය එයි

Shiran Viraj
Translate »