28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

සුඛෝපොභෝගී ජීප් රථයක් පැහැරගත් එස්.එෆ් ලොක්කා අතුරුදන් – Photos

අනුරාධපුරයේ සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය කරාටේ ශූර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය මෙහෙයවූ ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා ඇතුළු පිරිසක් පැහැරගත් සුඛෝපොභෝගී ජීප් රථය මිහින්තලය- කුරුන්දන්කුළමේ පිහිටි නිවසක සගවා තිබියදී පොලිසිය ඊයේ (23) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිසිං සමාගමක් විසින් අත්පත්කර ගෙන කොළඹ පිහිටි මූල්‍ය ආයතනයට ගෙන යමින් තිබියදී මෙම වාහනය බලහත්කාරයෙන් පැහැරගෙන ඇත්තේ ටියුෂන් ගුරුවරයෙකුගේ කොන්ත්‍රාත්තුවක් මත බව සඳහන්.
ලිසිං සමාගමේ අත්පත්කර ගැනීමේ නිළධාරීන් විසින් අත්පත් කරගැනීමෙන් අනතුරුව කොළඹට ගෙනයමින් තිබූ රුපියල් කෝටී එකහමාරක් පමණ වටිනා ජීප් රථය පැහැරගෙන තිබෙන්නේ 21 වනදා සවස අනුරාධපුර පැරණි පූජා නගරයේදී මල්අතු පටුමග ප්‍රදේශයේදීයි.
ජීප් රථය පැහැර ගැනීමෙන් අනතුරුව එස් .එෆ් ලොක්කා විසින් රථය ටියුෂන් ගුරුවරයා වෙත බාරදී ඇති අතර අදාල ගුරුවරයා විසින් ජීප් රථය ඔහු ටියුෂන් පන්ති පවත්වාගෙන යන අනුරාධපුර නව නගරයේ පිහිටි ගොඩනැගිල්ලේ හිමිකරුගේ කුරුන්දන්කුළම පිහිටි නිවසේ සඟවා තිබූ බවයි වාර්තා වන්නේ.
ලීසිං සමාගම රැගෙන ගිය රථය පැහැර ගැනීම සඳහා කිසිඳු කොන්ත්‍රාත්තුවක් ලබා නොදුන් බව පොලිස් භාරයට ගත් සැකකාර ටියුෂන් ගුරුවරයා පොලිසියට පවසා ඇතත් ටියුෂන් ගුරුවරයා විසින් එස්.එෆ්. ලොක්කාට ලබාදුන් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත රථය පැහැර ගැනිම සිදුව තිබෙන බව පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
ගුරුවරයා තවදුරටත් පවසා ඇත්තේ ලීසිං සමාගමට වාරික කිහිපයක් ගෙවීමට තිබුණු බවත් 21 වනදා ටියුෂන් ආතනයට පැමිණි තිදෙනෙකු රථය රැගෙන යාමට උත්සහ කළ  අවස්ථාවේ තමන් මෝටර් රථයට නැග වේගයෙන් පොලොන්නරුව නගරයට රථය ධාවනය කළ බවයි.
ජීප් රථය පැහැර ගැනීමට පිරිසක් පැමිණිබව පවසමින් ටියුෂන් ගුරුවරයා පොළෙන්නරුව පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත්කර තිබෙනවා. සිද්ධිය සිදුවූ ආකාරය අනාවරණය කර ගැනීම සදහාත් රථය පැහැර ගැනීමෙන් අනතුරුව සැඟව සිටින එස්.එෆ්.ලොක්කා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සදහාත්  අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.
එස් එෆ් ලොක්කා නැමැත්තා පසුගිය කාලයේ විහාරස්ථානවල පුජා පවත්වමින් ඇතැම් හිමිවරුන් සමග කටයුතු කරන ආකාරයත් ඔහුගේ ෆේස් බුක් ගිණුමේ ප්‍රසිද්ධ කර තිබුණා.
(under the courtesy of hirunews news web)

Related posts

19 වන විට සීමාවන් ලිහිල් කල හැකියි..- සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්

Shiran Viraj

පැය 10-15 විදුලි කප්පාදුවක්..

Shiran Viraj

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj