30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

වී ගබඩාව එපා කියන මීතොටමුල්ලේ විපතට පත්වූවන් අලුත් යෝජනාවට එකඟයි

මීතොටමුල්ලේ විපතට පත් කිසිඳු පුද්ගලයෙකු බලහත්කාරයෙන් කිසිඳු ස්ථානයක පදිංචි නොකරන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශය පවසනවා.
විපතට පත් ඇතැම් පවුල්වලට ඉකුත්දා නව නිවාස ලබාදුන්නා. තවත් පිරිසක් තාවකාලිකව කොළොන්නාව වී ගබඩාවේ ඉදි කෙරෙන නිවාසවල පදිංචි කරවීමටයි සැලසුම් කර ඇත්තේ. එහෙත් බොහෝ අය ඊට අකමැත්ත පල කරනවා.
මෙම තාවකාලික නිවාස ලබාගතහොත් තමන්ට ස්ථීර නිවසක් නොලැබී යනු ඇති බවටයි ඔවුන් සැක පළ කරන්නේ.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් එස්.එස් මියනවල පැවසුවේ සාලාව පිපිරීමේ සිද්ධියේදීද ජනතාව මෙවැනි මතයක කටයුතු කළ බවයි. රජය තාවකාලික ස්ථාන සකසා දුන්නද ආපදාවලට ලක්වූ මධ්‍යම පාන්තික සහ ඉහළ පාන්තික ජනතාව මෙම විසඳුම්වලට අකමැති බවද ඔහු පැවසුවා. ඒ හේතුවෙන් රජය රුපියල් පනස්දහසක දීමනාවක් ලබා දීමට තීරණය කළ බවත් බොහෝ දෙනා ඊට කැමැත්ත පළ කර ඇති බවත් පැවසුවා.
රුපියල් පනස් දහසේ මාසික දීමනාව ලබාගෙන මීතොටමුල්ලෙන් ඉවත් වීමට ද ඇතැම් පිරිස් අකමැත්ත පල කරනවා. මෙම දීමනාව ලබාදීමට යෝජනා වී ඇත්තේ මාස 03 ක් සඳහායි.
මාස 03ක කුලී මුදල් පමණක් ලබාදී නිවාස ලබාගත නොහැකි බව අකමැත්ත පල කරන්නන්ගේ තර්කය වී තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ තමන්ට ස්ථීර නව නිවාස හෝ සිය දේපලවලට ප‍්‍රමාණවත් වන්දියක් ලබාදෙන ලෙසයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ද ආපදා කළමනාකරණ අමාත්‍යංශයෙන් විමසීමක් කළා. එහි ලේකම් එස්.එස් මියනවල පැවසුවේ වන්දි ලබාදීම සඳහා අවශ්‍ය තක්සේරු කිරීම් මේ වනවිටත් සිදු කෙරෙන බවයි.
ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන තාක්ෂණික කණ්ඩායමේ අවසන් වාර්තාව ද ලබන සතියේ අපේක්ෂා කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම වැනි ව්‍යසනයක් යළි ඇති නොවීමට ගත හැකි ක‍්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ එමගින් අපේක්ෂා කරන බවයි ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

දියණිය පියාගේ නම රන්දයි.. බෙලරූස් සිට ලාංකිකයන් අමතයි.. මඩ ගැසු උන්ටත් සෙත් පතයි..

Shiran Viraj

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් ඇරඹෙයි

Shiran Viraj

ආයුර්වේද වෛද්‍යවරියගේ රන්මාල හොරු ගැන පරීක්ෂණ කරද්දී හලාවත ඕඅයිසී මරුට

Shiran Viraj