29.5 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

ඉන්ධන නිකුත් කිරීම අද රෑ නවතියි

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද (23) අලුයම සිට වැඩවර්ජනයක් කැඳවා තිබෙනවා.
මේ නිසා රට පුරා ඛණිජ තෙල් බෙදා හැරීම ද හෙට අඩපණ විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර වැඩි දුරටත් පෙන්වා දෙන්නේ හෙට දිනයේ පැය දෙකක් පමණ ගෙවෙන විට රට පුරා ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවයි.
මේ වන විටත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන ගැටලු පැන නැගී ඇති බවත් පැවසුවා.
ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටළු පිළිබඳ විසඳුම් ලෙස රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරන්නට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කටයුතු කර තිබෙනවා. මෙතෙක් එම යෝජනා ක්‍රියාත්මක කර නොමැති අතර සිය යෝජනාවලට පටහැනි ලෙස රජය කටයුතු කරමින් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට ලබා දීමද මෙහිදී ඔවුන් පෙන්වා දුන්නා. කලින් පැවැති සාකච්ඡා අසාර්ථක වූ බැවින් මෙම තීරණයට එළඹී බවත් හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයකට යොමු වෙන බවයි ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව වැඩි දුරටත් සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

මාදැල් කර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයෙන් වැළකී පවතින නීතියට ගරු කරන ලෙසට දැනුම්දීමක්

Shiran Viraj

6 වසර පෙළ පොතක අඩංගු වූ වෙබ් අඩවි ලිපිනයක් සම්බන්ධයෙන් මතුව ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය පිළිබඳව ප්‍රවීණ දේශක තිස්ස ජනනායක මහතා සිය විවේචනය එල්ල කර තිබේ. 

Shiran Viraj

මහින්ද ඉවත් නොවෙයි.. ඉදිරියටත් අගමැති ධුරයේ.. තවත් සහන ඉදිරියේදී…

Shiran Viraj
Translate »