28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේ

සුප්‍රකට රෙස්ලින් ක්‍රීඩයෙකු වන ජෝන් සීනා පසුගිය දිනෙක ඔහුගේ පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළා.
එහෙම විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේ රෙස්ලින් තරඟයක් අතරතුරදිමයි.
විවාහ යෝජනාව ඉදිරිපත් කළේ රෙස්ලින් ක්‍රීඩිකාවක් වන නිකී බෙලාටයි.
කොහොමවුනත් තමන්ට දරුවන් සෑදිමේ අපේක්ෂාවක් නොමැති බව ඇය මාධ්‍ය වෙත පවසා තිබෙනවා.
“මම කිහිප විටකදීම ජොන්ගෙන් ඔය ප්‍රශ්ණය විමසලා තිබෙනවා…නමුත් ඔහුට දරුවන් පිළිබඳ කැමැත්තක් නැහැ..ඒ ඔහුගේ තීරණයක්..ඒ නිසා බොහෝ විට අප දරුවන් හදන්නේ නැතිවෙයි”
එමෙන්ම තම පෙම්වතා ඉදිරිපත් කළ විවාහ යෝජනාව පිළිබඳව ඇය කියා ඇත්තේ “මම පුදුමයට මෙන්ම කම්පනයට පත්වුණා ඔහු එතරම් විශාල ජනකායක් මැද මට විවාහ යෝජනා කරාවි යැයි සිතුවේ නැහැ ඒ වෙලාවේ 70 000 පමණ ජනකායක් එතැන සිටියා.කොහොම වුණත් මගේ සිහිනය සැබෑ වුණා ඒ රාත්‍රීය මට අමතක කළ නොහැකියි”..
ජෝන් සීනාද මෙහිදි ඔහුගේ පෙම්වතිය පිළිබඳ අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු පවසා තිබුණේ තම දිවියේ දුෂ්කර අවස්ථාවන්හි සෑම විටම ඇය ශක්තියක් වූ බවයි.
“මට හරිම කෙනා හමුවුණා ඇය සෑම විටම මගේ ශක්තිය වුණා” කියලත් ඔහු පවසා තිබෙනවා.

(under the courtesy of adaderana news web)

Related posts

සන්නස්ගලගෙන් විරෝධතාකරුවන් පුහුණුකරන මධ්‍යස්ථානයක්.. වීඩියෝවක් එලියට

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් ලොව කුඩා රටවල් 150කට සමාන තීරු බද්දක් පනවීමට සැලසුමක්

Shiran Viraj

මං රහතන් වහන්සේ නමක්.. ඕනෑම ජගතෙක් සිටීනම් එය නැතැයි ඔප්පු කරන්න..- පිටිදුවේ සිරිධම්ම හිමි

Shiran Viraj
Translate »