30 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNewsPolitical

වැඩකරන ජනතාවට සහන රැසක්

ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් වැඩකරන ජනතාවට සහන රැසක් ලබාදීමට බලාපොරොත්තු වන බව කම්කරු වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩ බිම්වල සිදුවන අනතුරු වෙනුවෙන් දැනට ලබා දෙන් රුපියල් පන් ලක්ෂ 25,000 සේ වන්දි මුදල රුපියල් දස ලක්ෂ 50,000 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
එමෙන්ම ළමා ශ්‍රමය තුරන් කිරීම සඳහා ළමයා යනුවෙන් අර්ථ දක්වන වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩි කිරීමට තීරණය කර තිබේ.
ඊට අමතරව පෞද්ගලික අංශයේ ක්‍රම දෙකක් යටතේ ලබා දෙන ප්‍රසූත නිවාඩුව සංශෝධනය කිරීමට ද බලාපොරොත්තු වන බව ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

තවුහීද් ජමාත් සාමාජිකයන් දෙදෙනෙකු තවදුරටත් රඳවා ගැනීමට අධිකරණයෙන් නියෝග

Shiran Viraj

දුරකතන බදු සංශෝධනය ගැන පැහැදිළි කිරීමක් – බදු සහනය නොලැබෙන්නේ නම් දැනුම් දෙන්න

Shiran Viraj

මැතිව්ස් IPL ගිය හේතුව හෙළි කරයි

Shiran Viraj
Translate »