mediahumanrights.lk
Local News News

පොලිස් පහරදීමට එරෙහිව කාන්තාවක් මානව හිමිකම් කොමිසමට

තමන්ට සහ මවට පොලිස් නිලධාරීන් පිරිසක් සිදු කළ බව කියන පහර දීමකට එරෙහිව මාදම්පේ ප‍්‍රදේශයේ කාන්තාවක් ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
අදාළ පහර කෑමෙන් තුවාල ලැබූ තම මව තවදුරටත් මාරවිල රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි ඇය සිය පැමිණිල්ල මගින් ප‍්‍රකාශ කර ඇත්තේ.
ඉකුත් අට වනදා පෙරවරුවේ හලාවත පොලිසියේ නිලධාරීන් පිරිසක් තම නිවසට පැමිණ ගෙවත්තේ නවතා තිබූ ලොරි රථයක් පොලිස් භාරයට ගැනීමට උත්සහ කළ බවයි දිල්හානි පුෂ්පකුමාරි නැමැති කාන්තාව පවසන්නේ.
ලොරි රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීමට ද පොලිස් නිලධාරීන් උත්සහ දරා තිබෙනවා.
කෙසේ වෙතත් ඊට නිවැසියන් විරුද්ධ වීමත් සමග මෙම පහරදීම සිදු වූ බවයි මෙම කාන්තාව මානව හිමිකම් කොමිසම හමුවේ පැමිණිලි කර ඇත්තේ.
තමන්ට සිදු වූ අසාධාරණයට පොලිසියෙන් පිහිටක් බලාපොරොත්තු විය නොහැකි බැවින් තමන් මෙම තීරණය ගත් බව ද අදාළ කාන්තාව ප‍්‍රකාශ කළා.

(under the courtesy of nethfm news web)

Related posts

සේවයට වාර්තා නොකළහොත් සේවය අතහැර ගියාසේ සළකනවා

Shiran Viraj

ත්‍රිරෝද රථ ලියාපදිංචිය අඩුවීමක්-පොදු ප්‍රවාහනයේ සීඝ්‍ර වර්ධනයක්

Shiran Viraj

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

Shiran Viraj