26.7 C
Colombo
2026-02-04
mediahumanrights.lk
NewsSportsSports News

දෙවන විස්සයි විස්ස අද

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරගය අද පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදීයි.
තරගය අද රාත්‍රී හතට ආරම්භ වීමට නියමිතයි.
දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය කඩුලු 6 කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
මේ අතර අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කිරීමට සමත්වුවහොත් පිට පිටම විස්‌සයි විස්‌ස තරගාවලි ජයග්‍රහණ ත්‍රිත්වයක්‌ හෙවත් ‘හැට්ට්‍රික් ‘ ජයක්‌ වාර්තා කරනු ලබයි.
ඒ මීට පෙර දකුණු අප්‍රිකාවට සහ ඔස්‌ට්‍රේලියාවට එරෙහිව පැවති විස්‌සයි විස්‌ස තරගාවලි දෙකම  2 ට 1 ලෙස ජයග්‍රහණ ශ්‍රී ලංකා කණ්ඩායම හිමිකරගැනීම හේතුවෙන්.
මේ අතර බංග්ලාදේශ නායක මොර්ටාසාගේ අවසන් විස්‌සයි විස්‌ස ජාත්‍යන්තර තරගයද අද තරඟයයි.
ඔහු පළමු තරඟයෙන් පසුව දෙවන තරඟය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැන්නක්.
”විස්‌සයි විස්‌ස ගහන්න ගොඩක්‌ ශාරීරික සෞඛ්‍ය තියෙන්න ඕන. මේක ඉක්‌මන් ක්‍රීඩාවක්‌. මම විස්‌සයි විස්‌ස ලෝක කුසලාන පහකම ක්‍රීඩා කළා. නමුත් දැන් මගේ අවධානය එක්‌දින සහ ටෙස්‌ට්‌ ක්‍රීඩාව දෙසටයි. කොහොම වුණත් දෙවැනි තරගය ජය ගෙන ශ්‍රී ලංකාවේදී පළමු වරට තරගාවලියක්‌ පරාජය නොවී සිටීමට අපි උත්සහ කරනවා.”
(under the courtesy of hirunews news web)

Related posts

ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි

Shiran Viraj

පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදය

Shiran Viraj

ප්‍රිමියර් ලීග් තරග කිහිපයක් අද

Shiran Viraj
Translate »