29 C
Colombo
2026-10-05
mediahumanrights.lk
Local NewsNews

මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලට

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

විදෙස් රටවල සිට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදීසිටි 203 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් පසු සිය නිවෙස් වෙත පිටත් කර හැරිමට පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.

පසුගිය මාර්තු මස 22 වනදා සිට මෙම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිට ඇත.

ඔවුන් නිවෙස් වෙත පිටත් කර හැරිම සඳහා ප්‍රවාහන පහසුකම්සැලසීමට ද පියවර ගත් බවයි ගුවන් හමුදා මූලස්ථානය පැවසුවේ.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Shiran Viraj

තවත් රෝගීන් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි

Shiran Viraj

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

Shiran Viraj
Translate »