mediahumanrights.lk
Local News News

තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා

දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ දී කාන්තාවක ඝාතනය කර තිබේ.
අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පැවසුවේය.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ස්වාමි පුරුෂයා තියුණු ආයුධයකින් බිරිඳගේ හිසට පහර දී ඇති බව සඳහන්ය.
බරපතළ තුවාල ලැබු කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ 35 හැවිරිදි කාන්තාවකි.
ඝාතනයට සම්බන්ධ සැකකරු ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of adaderana news web)

Related posts

ජනබලයෙන් කොළඹ රත්වෙද්දී ජනපති පාර්ලිමේන්තුවට.. පොලිස් STF බලඇණි පාර්ලිමේන්තුව වටලාගනී..

Shiran Viraj

සහන භාණ්ඩ රැගත් විශේෂ චීන ගුවන් යානයක්

Shiran Viraj

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

Shiran Viraj