31.1 C
Colombo
2026-07-10
mediahumanrights.lk
Local NewsNews

ඛනිජ තෙල් වෘත්තීය සමිති 6ක් හෙට සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

ත්‍රීකුණාමලය වරායේ පිහිටි ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීමට විරෝධය පල කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති හයක් හෙට(24) දිනයේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේ මෙතෙක් සිය ඉල්ලීම්වලට බලධාරීන් නිසි ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ඒ අනුව හෙට පෙරවරුවේ සිට වර්ජනය ක්‍රියාත්මක කරන බව බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
මෙම වර්ජනය සම්බන්ධයෙන් අද දෙරණ ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගෙන් විමසීමක් කළ අතර ඊට පිළිතුරු ලබාදෙමින් ඔහු සඳහන් කළේ හෙට පෙරවරු 9.00ට වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දී ඇති බවයි.
කෙසේවෙතත් හෙට දිනයේ වර්ජනය ක්‍රියාත්මක කළහොත් ඉන්ධන සැපයුමට ද බාධා එල්ල විය හැකි බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමතුවේ මාධ්‍ය ප්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා සඳහන් කළේය.
එවන් ගැටළුවක් ඇති නොවනු ඇති බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ටයර් පුළුස්සා කාපට් පාරවල් විනාශයි..

Shiran Viraj

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj

නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නාය ගිය කොටස්: නව මාර්ග තැනීමට හමුදා නිරීක්ෂණ චාරිකාවක්

Shiran Viraj
Translate »