mediahumanrights.lk
Local NewsNews

ඛණිජ තෙල් සේවක වර්ජනයෙන් ඉන්ධන බෙදා හැරීමට බාධා

ඛණිජ තෙල් සංස්ථාවේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත් තවමත් ඉන්ධන හිගයක් ඇති වී නොමැති බවයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළේ.
ඊයේ පස්වරුවේ මෙන්ම අද උදෑසන ද සෑම ඉන්ධන පිරවුම්හලක්ම පාහේ තවදුරටත් දිගු පෝලීම් දක්නට ලැබෙනවා.
අද දහවල් පැවැත්වෙන සාකච්ඡාවේ දී ගැටළුවට විසඳුමක් ලැබෙනු ඇති බවයි ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
(under the courtesy of nethfm news web)

Related posts

වගා වන්දි උපරිම වී වගාවට අක්කර 5කටයි.. අනෙක් බෝගවලට අක්කර දෙක හමාරටයි..

Shiran Viraj

තියුණු ආයුධයකින් පහරදී බිරිද ඝාතනය කරලා

Shiran Viraj

ජංගම දුරකථනය භාවිතා නොකරන ලෙසට කොමිසමෙන් හිටපු මහබැංකු අධිපතිට අවවාද

Shiran Viraj
Translate »