mediahumanrights.lk
Local NewsNews

ඛණිජ තෙල් සේවක අර්බුදය විසඳන සාකච්ඡාව පස්වරුවට කල් යයි

ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතව සහ විෂයභාර අමාත්‍ය චන්දිම වීරක්කොඩි අතර අද (24) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙපාර්ශවයේම එකඟතාව මත පස්වරුව දක්වා කල් දමා තිබෙනවා.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඞී ජේ රාජකරුණා සඳහන් කළේ පස්වරු දෙකට මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.
පෙරවරු 11 යි 30ට මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මීට පෙර නිවේදනය කර තිබුණා.
පවතින තත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර එම සාකච්ඡාව පස්වරු දෙකට ආරම්භ කිරීමට තමන් ඉල්ලා සිටි බවයි ඞී ජේ රාජකරුණා වැඩිදුරටත් සඳහන් කළේ.
එමෙන්ම තමන් ආරම්භ කළ වෘත්තීය ක‍්‍රියාමාර්ගය මේ වනවිට ඉතා සාර්ථකව ක‍්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළා.
මේ අතර සේවක වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් ඉන්ධන බෙදා හැරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප‍්‍රකාශ කළා.

Related posts

විදුලි බලාගාර 4ක වැඩ නවතියි !

Shiran Viraj

සිරකරුවන් නොමැති රටක් වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතුයි

Shiran Viraj

Exclusive : කොළඹ ඩෙල්ටා ගිලගනී.. පැතිරීම 75%යි..

Shiran Viraj
Translate »