mediahumanrights.lk
Local News News

ආණ්ඩුවට අලි බර වැඩි වෙයි – හදාගන්න දෙන්න සැරසෙයි

පින්නවල අලි අනාථාගාරයේ රඳවා ඇති අලි ඇතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.
මෙම අලි අනාථාගාරයේ අක්කර 30ක් වූ මුළු භූමි ප්‍රමාණය තුළ වර්තමානයේ අලින් 88 දෙනෙකු රඳවා ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම සීමිත භූමි ප්‍රමාණය තුළ එම සතුන් 88 දෙනා නඩත්තු කිරීම දුෂ්කර බව සඳහන්.
ඒ අනුව මෙම සතුන්ගෙන් යම් ප්‍රමාණයක් සුදුසුකම් සහිත පුද්ගලයන් හෝ පූජ්‍ය ස්ථාන වෙත ලබා දීමට කැබිනට් මණ්ඩල්‍ය වෙත යොමු කළ යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා.
ඒ අනුව පින්නවල අලි අනාථාගාරයේ හීලෑ අලි ඇතුන්ගෙන් කොටසක් නිශ්චිත කොන්දේසි වලට යටත්ව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන කමිටුවක් මඟින් ‍ සුදුසුකම්ලත් පුද්ගලයන් සහ ආයතන වෙත ලබා දීමටත්, ඒ සඳහා වන විධිවිධාන ඇතුළත් නියෝග නිකුත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින්  තීරණය කර තිබෙනවා.
එසේම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ කළමනාකරණය කරනු ලබන අලි ඇතුන් සංචිතයක් මඟින් පෙරහැර සඳහා හීලා අලිඇතුන් ලබාදීමත්, හීලෑ අලිඇතුන්ගේ ලියාපදිංචිය විධිමත් කිරීම හා ආරක්ෂාව සැලසීම සඳහා නියෝග නිකුත් කිරීමත් සඳහා වූ නිර්දේශද අනුමත කර තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

2018 අය වැය ට අනුව ලබන වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 675ක්

Shiran Viraj

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

Shiran Viraj

වසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..

Shiran Viraj