28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News Political

අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් නෑ

උත්සව සමයේ වෙළඳපොළ තුළ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල හිඟයක්  නොමැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වෙළඳපොළ තුළ  සහල් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය පිළිබඳ සොයාබැලීම සඳහා අද (07) පෙරවරුවේ පිටකොටුව ප්‍රදේශයේ නිරීක්ෂන චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද එක්ව සිටි බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.
එහිදී අමාත්‍ය රවී කරුණානායක මහතා තොග වෙළඳසැල් හිමියන්ගෙන් සිදුකළ විමසීමකදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එම වෙළඳසැල්වල කිසිඳු සහල් හිඟයක් නොමැති බවයි.
ආනයනික සහල් සඳහා රජය බදු අවම කර ඇති බැවින් ඉතා පහල මිල ගණන් යටතේ සහල් වෙළඳපොළට නිකුත් කරන බවද වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

විදුලි ඒකකයක මිල වෙනස් වන ආකාරයට ගෙවීම් කළ හැකි ක්‍රමයක්

Shiran Viraj

බස් එකේ ගිය 14 හැවිරිදි විශ්වට තැන්නෙකුඹුරෙ "පුෂ්පියා" ඇන්ටි කළ කැත වැඩේ

Shiran Viraj

රජය වෙනුවෙන් ගනුදෙනු කිරීම සඳහා වෙලාවක් නොමැති බව යෝෂිත රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj