mediahumanrights.lk
Local NewsNewsPolitical

මහජන සුබසිද්ධියට යොදාගන්න ඕනැයි කියා බැසිල්ගේ ඉඩම වෙන්දේසිය නවතී

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනකුට හිමිකමක් නොමැති බවට පැවැසීමෙන් අනතුරුව ලබන 29 වැනිදාට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට පූගොඩ අධිකරණය තීන්දු කර තිබූ මල්වානේ පිහිටි අක්කර 16ක ඉඩම සහිත දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම තාවකාලිකව අත්හිටුවන ලෙසට පූගොඩ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනෙවිය ඊයේ (20දා) නියෝග කළාය.
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී. රණසිංහ, සැරයන් ගුණසේකර යන නිලධාරීන් මේ නඩුව කැඳවන ලෙසට මෝසමක් මඟින් ඊයේ (20දා) පූගොඩ අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් ලෙස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව එකී දේපළ තක්සේරු කර ඇති අතර එම ඉඩම සහ දේපළ රජයට පවරාගෙන මහජනතාවගේ සුබසිද්ධිය උදෙසා පරිහරණය කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරමින් සිටින බවට නීතිපතිවරයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට දැනුම් දී ඇති බවට අධිකරණයේදී සඳහන් විය.
ඒ අනුව එම ඉඩම සහ දේපළ ප්‍රසිද්ධියේ විකිණීම තාවකාලිකව අත්හිටුවූ මහෙස්ත්‍රාත්වරිය ඉඩම සහ දේපළ සම්බන්ධව ගන්නා තීන්දුව ලබන 23 වැනිදාට ප්‍රකාශයට පත්කිරීමට තීන්දු කළාය.
(pix courtesy by-ada.lk) (under the courtesy of gossiplanka news web)

Related posts

හොරෙන් ගෙනා කහ තොග විනාශ නොකර කන්න දෙන්න.

Shiran Viraj

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

Shiran Viraj

අගමැති හරිනි අමරසූරිය හිටපු ජනපති රනිල් හමුවූ බවට පළ වූ වාර්තා අසත්‍යයි

Shiran Viraj
Translate »