28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
Local NewsNewsPolitical

සයිටම් වෙඩි ඩ්‍රාමා එක පසුපස සිටින අකුරු දෙකේ දේශපාලකයා කවුද?

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරී සමීර සේනාරත්න ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සැලසුම් සහගත රඟදැක්වීම පිටුපස සිටින්නේ අකුරු දෙකකින් ප්‍රසිද්ධව සිටින දේශපාලන චරිතයක් බවත් මේ සියල්ල ඔහුගේ කීම් බහට හා උදව් ඇතිව නිර්මාණයවූ නාටකයක් බවත් මේ වනවිට දේශපාලන ලෝකයේ කතාබහක් ඇතිව තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුමද ඊයේ පැවසුවේ මෙම සිදුවීමට අදාළව ප්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බවත් ඔහුව අල්ලාගන්නට අසමත්ව ඇති බවත් පොලිසිය පැවසුවත් සිටින්නේ ඔහු නොව පාතාල ගනුදෙනු කරන ප්‍රධාන දේශපාලන චරිතයක් බවයි.
මේ සිද්ධිය පිටුපස සිටින්නේ ප්‍රාදේශීය දේශපාලනඥයකු යැයි ලඝු නොකොට එය සැලැසුම් කළ ප්‍රධාන දේශපාලනඥයා කවුරුන්දැයි වහා හෙළිදරව් කිරීමට පොලිසියට නිර්භීතකම ලැබේවා කියා හෙතෙම ප්‍රාර්ථනයක්ද කළේය.
සිද්ධියට අදාළ සියලු කරුණු සයිටම් ආයතනයට, පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන බවට පොරොන්දු වූ අගමැතිවරයාගේ වගකීම වෛද්‍යවරයකු නමින් පෙනී සිටි සමීර සේනාරත්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම බවද ඔහු පෙන්වාදී ඇත.

Related posts

ගම්මිරිස් කිලෝව 2800 පනී…

Shiran Viraj

රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..

Shiran Viraj

හෙද වර්ජනයක් නිසා හෙට යළි රෝහල් අඩපණ වන ලකුණු

Shiran Viraj
Translate »