2026-07-08
mediahumanrights.lk
International NewsLocal NewsNews

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

වසර 5 කින් මෙරට ඇති වූ දරුණුතම නියඟය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් නව ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආහාර අනාරක්ෂිතතාවට පත්වන බව ලෝක ආහාර වැඩපිළිවෙල පවසනවා.
එය රජයේ නියෝජිත ආයතන සහ සහන සංවිධාන සමඟ එක්ව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුවයි එම දත්ත අනාවරණ වී ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ආයතනයක් වන ලෝක ආහාර වැඩපිළිවෙලේ කොළඹ කාර්යාලය එම වාර්තාව සනාථ කළ බව රොයිටර් පුවත් සේවය සදහන් කළා.
කෙසේ නමුත්, එම සමීක්ෂණයේ නිල ප්‍රතිඵල මේ මස අගදී නිකුත් වීමට නියමිතයි.
ලෝක ආහාර වැඩපිළිවෙල පෙන්වා දී ඇත්තේ නියං තත්ත්වය නිසා මෙවර ශ්‍රී ලංකාවේ වී අස්වැන්න වසර 40 කින් අඩුම තත්ත්වයට පත්ව ඇති බවයි.
නියඟයෙන් පීඩාවට පත්ව සිටින පවුල්වල ආදායම පසුගිය සැප්තැම්බර් මාසයේ සිට අඩකින් පමණ අඩුවී තිබෙනවා.
සමීක්ෂණයට භාජනය කෙරුණු ගොවි පවුල් වලින් සියයට 60 ක් පමණ මෙලෙස ණය බරින් පෙලෙන බවයි අනාවරණ වී ඇත්තේ.
පසුගිය නොවැම්බරයේ සිට පැවති නියං කාලගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනකොටස දොලොස් ලක්ෂයකට අධිකයි.
ළමයින් හයලක්ෂයක් පමණ නියඟය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා.
ලෝක ආහාර වැඩපිළිවෙලේ ඇස්තමේන්තුවලට අනුව ශ්‍රී ලංකාවට වාර්ෂිකව සහල් මෙටි‍්‍රක් ටොන් මිලියන දෙකයි දශම 3 ක් අපහසු වන අතර, මෙවර අස්වැන්න ලැබී ඇත්තේ මෙටි‍්‍රක් ටොන් මිලියන 1 යි දශම 4 යි 4 ක් පමණයි.
මේ අතර, දිස්ත්‍රික්ක රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙවර මහ කන්නයේ අපේක්ෂිත අස්වැන්නෙන් වී මෙටි‍්‍රක් ටොන් පන්ලක්ෂ 45,717 ක් රටට අහිමි වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය මීට පෙර ද ප්‍රකාශ කළා.
මෙවර මහ කන්නයේදී අපේක්ෂා කළ වී අස්වැන්න මෙටි‍්‍රක් ටොන් දහඅට ලක්ෂ 73,756 ක්.

Related posts

අනතුරින් කුඩා දැරිය අවසන් ගමන් යයි

Shiran Viraj

වල්ලපට්ට සමඟ තරුණයෙකු පොලිස් දැලේ

Shiran Viraj

පොලිසියෙන් දැඩි ඉල්ලීමක්: මාර්ග පිළිසකර කරන ස්ථානවල සෙල්ෆි ගැනීමෙන් වළකින්න!

Shiran Viraj
Translate »