mediahumanrights.lk
Local NewsNewsPolitical

කොරියානු විදේශ ඇමති හෙට දිවයිනට පැමිණෙයි

නිල සංචාරයක් සඳහා කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට(15) දිනයේ දිවයිනට පැමිණීමට නියමිතය.
ශ්‍රී ලංකාව සහ කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 40ක් පිරීම නිමිත්තෙන් කොරියානු විදේශ කටයුතු අමාත්‍ය යුන් බියුන්සෙ මහතා මෙම සංචාරයේ නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර තිස් එකකට පමණ පසුවීම ද විශේෂත්වයක්ප වේ.
අවසන්වරට 1986 වසරේ දී එවකට කොරියානු විදේශ කටයුතු  අමාත්‍යවරයෙකු වු ලී වොන්ග් කියුංග් මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ.
මෙම සංචාරය තුළ දී කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ ද ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Related posts

රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු කියන තරමට ජවිපෙ වෙනස් වෙලා

Shiran Viraj

අධිවේගී මාර්ගයේ පාපැදි තරගයක්….

Shiran Viraj

පොලිසියේ ලොකු පුටු 03ක් සෙලවෙයි

Shiran Viraj
Translate »