2026-08-20
mediahumanrights.lk
BusinessBusiness NewsNews

ලෝකයේ විශාලතම බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජනයට එයි

ලෝකයේ විශාලතම ආයෝජන බැංකුව වන යුරෝපා ආයෝජන බැංකුව ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා කැමැත්ත පළ කර තිබේ.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින් තානාපති ටන්-ලායි මාර්ග් (Tung-Lai Margue) මහතා පසුගිය දා (28) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවැසීය.
ඔහු කියා සිටියේ ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකා වෙත යළි ලබාදීම සඳහා අවශ්‍ය වටපිටාව මේ වන විට සැකෙසෙමින් පවතින බවයි.
මීට අමතරව ශ්‍රී ලංකාවට තිරසාර සංවර්ධන අරමුණු ඉටු කර ගැනීම සඳහා සිය පූර්ණ සහය ලබා දීමට අපේක්ෂා කරන බව ද හෙතෙම අවධාරණය කළේ ය.
2014 වසරේ සිට 2020 දක්වා වන කාලය තුළ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විටත් යුරෝපා ආයෝජන බැංකුව මගින් යුරෝ මිලියන 210ක මූල්‍ය හා තාක්ෂණික ආධාර ශ්‍රී ලංකාවට ලබා දී ඇති බව අවධාරණය කළ තානාපතිවරයා පෙන්වා දුන්නේ ඊට අමතරව නව ආයෝජන අවස්ථා ලබා දීමට ද අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි.
යුරෝපා ආයෝජන බැංකුවේ නව උපසභාපති ඇන්ඩෘ මැක්ඩොවෙල් (Andrew McDowell) මහතා ඇතුළු දූත පිරිස දින තුනක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමන් ඊට අදාළ නිරීක්ෂණ කටයුතු සිදු කළ අතර ඊයේ පස්වරුවේ ඔවුන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුණ ගැසිණි.
මුදල් අමාත්‍යාංශයේ පැවැති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තානාපතිවරයා කියා සිටියේ පරිසරය ආරක්ෂා කිරීමේ ව්‍යාපෘති සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘති සඳහා සිය වැඩි දායකත්වය ලබා දෙන බවයි.
මාධ්‍ය හමුවේ දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ යුරෝපා ආයෝජන බැංකුව මෙරට සංවර්ධන කටයුතු සඳහා සහය දැක් වීමට ගෙන ඇති තීරණය ශ්‍රී ලංකාව ලත් සුවිශේෂී ජයග්‍රහණයක් බවයි. එසේ ම යුරෝපයට පමණක් සීමා නොවූ මෙවැනි මූල්‍ය ආයතන
ශ්‍රී ලංකාව වැනි රටක් සමඟ අත්වැල් බැඳ ගැනීම මෙරට අනාගතය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුන් පහක් ජනාධිපති සමග…

Shiran Viraj

කඩුල්ල සෙලවී බේල්ස් නොසෙල්වූ ක්‍රිකට් පිටිය මවිතකළ නොදැවී යාම මෙන්න

Shiran Viraj

පරිත්‍යාග බෙදා හැරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා පමණක් සිදු කරන්න

Shiran Viraj
Translate »