31.7 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

ලබන සතියේ එජාපයේ විප්ලවීය වෙනසක්

එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ලොකු වෙනසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් ධුරය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයක ම විශේෂ වෙනස්‌කම් සිදුකරමින් වසර 30 කට පසුව එජාපයේ විප්ලවීය වෙනසක්‌ ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
එජාප නියෝජ්‍ය නායක තනතුරු සංඛ්‍යාව තුන දක්‌වා වැඩි කෙරෙන අතර, ඊට සුළු ජාතික නියෝජනයක්‌ ද එක්‌ කෙරේ.
එක්සත් ජාතික පක්ෂ වත්මන් නියෝජ්‍ය නායක ලෙස කටයුතු කරන්නේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාය.
ඊට අමතරව එජාපයට එක්‌ වූ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට මෙන්ම 1989 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ වත්මන් ඇමැතිවරයකුට ද එජාප උපනායක ධුර හිමිවනු ඇතැයි ද පැවසේ. මේ වන විට එජාප උප නායක තනතුර දරන්නේ මුදල් ඇමැති රවි කරුණානායක මහතා ය.
ඊට අමතරව එක්‌සත් ජාතික පක්‍ෂ මහ ලේකම් ධුරයේ වෙනසක්‌ සිදුවන අතර, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා හා පළාත් පාලන මැතිවරණයට දින වකවානු තීරණය කිරීමෙන් පසුව එය ප්‍රකාශයට පත් කෙරේ.
එජාප නියෝජ්‍ය මහ ලේකම් ධුරයට තරුණ කැබිනට්‌ ඇමැතිවරයකු පත් වීමට ද නියමිතය. එජාප තරුණ සංවිධානය වන ජාතික යොවුන් පෙරමුණේ සහ කාන්තා සංවිධානය වන ලක්‌ වනිතා සංවිධානයේ සභාපති ධුර එලෙසම පවතී.
එජාප කෘත්‍යාධිකාරී මණ්‌ඩලය සඳහා ද නව පත්වීම් කිහිපයක්‌ ලබන 05 වැනිදා සිදු කිරීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු මැද, සබරගමුව, නැඟෙනහිර යන පළාත් සභා ඡන්ද ව්‍යාපාරය මෙහෙයවීම නව නියෝජ්‍ය නායකවරුන් තිදෙනාට පැවරේ.
මෙම නව පත්කිරීම් ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිත පක්‍ෂ කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සිදු කෙරේ.
(under the courtesy of asianmirror news web)

Related posts

මෙරට රන් මිල 15%කින් අඩු වෙයි

Shiran Viraj

පලාත් සභා මැතිවරණය පවත්වනවා.. එය අපට ඉතා වාසියි..

Shiran Viraj

රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර ව්‍යාපාරික කටයුතු සඳහා පෞද්ගලික ජෙට් යානයක් මිලදී ගැනීමට සැරසෙයි

Shiran Viraj
Translate »