mediahumanrights.lk
International News Local News News

රටවල් 47 ක් ජිනීවාහි දී ශ‍්‍රී ලංකාව සමග සිට ගනියි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (24) ඉදිරිපත් වූ යෝජනාව රටවල් වැඩි ගණනක සම දායකත්වයෙන් සම්මත වීම රාජ්‍ය තාන්ත‍්‍රික වශයෙන් ශ‍්‍රී ලංකාව ලැබූ ජයග‍්‍රහණයක් බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේ දී ඉදිරිපත් කළ යෝජනාවේ ඇතුළත් කරුණු ක‍්‍රියාත්මක කිරීම සඳහා තවත් වසර දෙකක කාලයක් ලබා දීමටයි මෙමගින් නිර්දේශකර ඇත්තේ.
ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් 2015 වසරේ දී ඉදිරිපත් කළ යෝජනාව ක‍්‍රියාකාරී සැලැස්මක් ලෙස වෙනස් කළ යුතු බවත්, සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් දෙමුහුන් අධිකරණයක් පිහිටුවිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා.
කෙසේ වෙතත් අදාළ යෝජනාවේ ඇතුළත් කරුණු ක‍්‍රියාත්මක කිරීමට තවත් වසර දෙකක් ශ‍්‍රී ලංකාවට ලබා දීම සඳහා ඊයේ සම්මත වූ යෝජනාවෙන් මෙම ප‍්‍රකාශය යටපත් වනු ඇති.
(under the courtesy of nethfm news web)

Related posts

නාමල්ගේ බිරිද දරුවා රටින් පිටවෙයි…

Shiran Viraj

ක්‍රමවේදයේ වෙනසක් නිසා විශේෂ කාර්ය බලකායට ගැටලූ රැසක්?

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj