mediahumanrights.lk
Local NewsNews

ගෙළ කපා ඝාතනය කළ එක්දරු මවගේ පෙම්වතා පොලිසියේදී කළ පාපොච්චාරණය

නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසළ තිබී ගෙළ කපා ඝාතනය කළ එක්දරු තරුණ මවගේ මරණය සම්බන්ධයෙන් භාර වූ තරුණයා පොලිසියට පාපොච්චාරණයක් කර තිබෙනවා.
27 හැවිරිදි එම තරුණයා පොලිසියට මෙවැන්නක් සදහන් කර ඇති බවයි වාර්තාවන්නේ.
“සර් මෙයා තව එකෙක් එක්ක සම්බන්ධ කමක් පැවැත්වුවා.මම ඒක නතර කරන්න කියලා ඇයට නිතරම කිව්වා.නමුත් ඇය ඒක අහපු නැති නිසා මම ඇයව මැරුවා.මම යාලුවෙක්ගේ බයික් එකේ ඇයගේ බෝඩිම ලඟට ගිහින් ඇයව හොයාගෙන බයිසිකලයෙන් පරණ කැස්බෑව පාරට අරගෙන ගියා.ඒ ගිහින් තමයි මම එයාව මැරුවේ.”
මෙම තරුණිය ඝාතනයට යොදාගන්නා ලද පිහියද සමඟයි ඊයේ මෙම තරුණයා පොලීසියට භාරවී තිබෙන්නේ.
ඝාතනයට ලක්වූ මෙම කාන්තාවගේ මෘත ශරීරය කලුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ  25 හැවිරිදි ප්‍රියංකා සංකල්පනී නමැති එක්දරු මවක්.
ඇයගේ ශරීරයේ දහඅට පොළකට සැකකරු විසින් පිහියෙන් ඇන ඇති බවත් ඒ අනුව ගෙල,මුහුණ,පිට,නළල,අත් පාවල තුවාල තිබූ බවයි සදහන් වන්නේ.
අම්පාර ප්‍රදේශයේ පදිංචි සිය සැමියාගෙන් සහ දරුවාගෙන් වෙන්ව ජීවත් වූ ඇය හෝමාගම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සේවය කර ඇති අතර, දෙල්කද ප්‍රදේශයේ කුලී කාමරයක ජීවත්ව තිබෙනවා.
මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ සිය පාසල් කාලයේ පෙම්වතා වූ සැකකරු විසින්.
(under the courtesy of hirunews news web)

Related posts

සංගාගෙන් යළිත් වාර්තාවක්

Shiran Viraj

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

Shiran Viraj

ඔය පුද්ගලයා මියුසීෂියන් කෙනෙක්‌ නෙමෙයි කියලා මම හොඳින්ම අවබෝධ කරගෙන ඉන්නේ-ලෙළුම් රත්නායක යළිත් හඬ අවධි කරයි

Shiran Viraj
Translate »