mediahumanrights.lk
Local NewsNewsPolitical

මන්ත්‍රී විමල් වීරවංශගේ පිටතින් රුධිර පරීක්ෂාව ගැන බන්ධනාගාරයෙන් විමර්ශනයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවදානයෙන් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, මන්ත්‍රීවරයාගේ රුධිර සාම්පලයක් පිටතින් පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පළ වන වාර්තා පිළිබදව ද එම දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ රුධිර පරීක්ෂාවක් රෝහලෙන් පිටතින් සිදුකරගෙන එන ලෙස වෛද්‍ය නිලධාරීන් පවසා ඇති බවට එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට මීට පෙර ප්‍රකාශ කර තිබුණා.
ඔහු එහිදී කියා සිටියේ මන්ත්‍රීවරයා පරීක්ෂා කළ වෛද්‍ය නිලධාරීන් අදාළ රුධිර පරීක්ෂාව සඳහා බන්ධනාගාර රෝහල තුළ අවශ්‍ය පහසුකම් නොමැතිවීම හේතුවෙන් පිටතින් සිදුකරගෙන එන ලෙසට තමන් ඇතුළු පිරිසට දැනුම් දුන් බවයි.
මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බන්ධනාගාර රෝහල තුළ ද ආහාර වර්ජනය කරමින් තවදුරටත් උපවාසයේ නිරත වන බව ජාතික නිදහස් පෙරමුණ ඊයේ ප්‍රකාශ කළා.
එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔහු ජලය පමණක් පානය කරන බවයි.
රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තමාට ඇප ලබාදෙන ලෙස ඉල්ලා උපවාසය ආරම්භ කළේ මීට දින 7කට පෙරයි.

Related posts

නව අධ්‍යාපන මොඩියුලවල පවතින අනෙකුත් වෙබ් අඩවි සබැඳි පිළිබඳව ද දැඩි සැකයක් පවතින බව උලපනේ සුමංගල හිමියෝ පවසති

Shiran Viraj

පොලිස් නිලධාරියෙක් හෙරොයින් කිලෝ 50ක් සමග අත්අඩංගුවට..

Shiran Viraj

අපේ ජන බල පක්ෂයේ හිමිවරුන්ගේ ගැටුම උග්‍රයි – ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය වෙනුවෙන් රතන හිමි උසාවි යද්දි වේදනිගම හිමිට එරෙහිව පොලිස් පැමිණිල්ලක්

Shiran Viraj
Translate »