2026-09-03
mediahumanrights.lk
Local NewsNews

ස්ත්‍රී දූෂණයක් යට ගහන්න නීතිපති දෙපාර්තමේන්තුවේ බල තල උපරිම යොදවලා! මන්ත්‍රීවරු පිරිසක් අගමැතිට ලිපියකින් දැනුම්දෙයි

ප්‍රශ්නගත ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් පත් කර තිබෙන ජනාධිපති කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකු සම්බන්ධයෙන් රජය දරන ස්ථාවරය ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍ය කාර්යාලයට අද (11) ලිපියක් බාර දී ඇතැයි දේශපාලන ආරංචි පවසනවා.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහත ලිපිය අගමැති කාර්යාලයට බාර දී ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එම සාකච්ඡාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) පස්වරුවේ පැවැත්වුණා.
බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් දෙදෙනකුගේ ක්‍රියාකලාපයත්, නීතිපති දෙපාර්තමේන්තුවේ සමස්ත ක්‍රියාවලියත් සම්බන්ධයෙන් ඉහත සාකච්ඡාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තොරතුරු රැසක් අනාවරණය කර ඇත. බැඳුම්කර කොමිසමේ කටයුතු කරන නීතිපති දෙපාර්තමේන්තුවේ එක් ඉහළ නිලධාරියකු පසුගිය රජය සමයේ දෙපාර්තමේන්තුවෙන් වැටුප් ගන්නා අතරම අධික මුදලක් ලබමින් ශ්‍රී ලංකා මහ බැංකුවට උපදේශන සේවා සපයා ඇති බවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා හමුවේ සාක්කි සහිතව තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.
ස්ත්‍රී දූෂණයක් යටපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල උපරිම ලෙස යොදා ගැනුණු සංවිධානාත්මක වැඩපිළිවෙළක් පිළිබඳව ද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ට කරුණු දක්වා ඇත. බැඳුම්කර කොමිසමේ ක්‍රියා කරන නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් ඉහළ නිලධාරියකු සුනාමි මුදල් වංචාව හමුවේ ක්‍රියා කළ ආකාරය පිළිබඳව ද ඉහත සාකච්ඡාවේදී තොරතුරු ගණනාවක් අනාවරණය වී තිබෙනවා.
(under the courtesy of nethfm news web)

Related posts

වෙදලසැලකදී කාන්තාවන් සිවු දෙනෙකු නිරුවත් කර පහර දෙති…

Shiran Viraj

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අහෝසි කල යුතුයි..- අගරදගුරු

Shiran Viraj

නව රජයක් සමගත් සාකච්චා සූදානම්.. ණය ප‍්‍රතිව්‍යුහගත කරණය අපේ වැඩක් නොවේ…- IMF මාධ්‍ය හමුවක

Shiran Viraj
Translate »