28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
International NewsNews

පැයට කිලෝමීටර් 407ක වේගයෙන් ධාවනය කළ හැකි මෝටර් රථයක් පොලිසියට

පැයට කිලෝමීටර් 407ක් එනම් පැයට සැතපුම් 253ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මෝටර් රථය සිය සේවා සඳහා යොදා ගැනීම ඩුබායි පොලිසිය ආරම්භ කර තිබෙනවා.
එය මේ වනවිට යොදා ගෙන ඇත්තේ ඩුබායිහි සාප්පු සංකීර්ණ ඇතුළත් ප‍්‍රදේශයේ හා සංචාරක කලාපවල ආරක්ෂක කටයුතු සඳහායි.
ජනතාව සහ පොලිසිය අතර ඇති බාධාවන් අවම කිරීම හා සංචාරක ආරක්ෂණය දිනාගැනීම මෙම මෝටර් රථය හඳුන්වා දීමේ ප‍්‍රධාන අරමුණක් බවයි එරට පොලිසිය පැවසුවේ.
සිලින්ඩර් 16කින් යුත් මෙම මෝටර් රථයේ ඇන්ජිම මඟින් අශ්ව බල දහසක බලයක් උත්පාදනය කෙරෙනවා.
තත්පර දෙකයි දශම පහක කාලයක් තුළ බින්දුවේ සිට පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබාගැනීමට ඊට හැකියාව පවතිනවා.
මීට පෙර පැයට කිලෝමීටර් 370ක වේගයෙන් ධාවනය කළ හැකි ලොව වේගවත්ම මෝටර් රථයට හිමිකම් කීවේ ඉතාලි පොලිසියයි.
(under the courtesy of nethfm news web)

Related posts

එජාපයේ හොඳම ප්‍රතිශතය මරික්කාර්ගෙන් !

Shiran Viraj

අවුරුද්දට සීනි මිල ඉහළ යයිද ?

Shiran Viraj

නව වසරේ සාදය ගැටුමකින් අවසන්-5ක් රෝහලේ

Shiran Viraj
Translate »