28.9 C
Colombo
2026-09-11
mediahumanrights.lk
Local NewsNewsPolitical

නවසිලන්ත – ශ්‍රී ලංකා සහයෝගීතාවය තවදුරටත් තරවේ

නවසිලන්ත ව්‍යාපාරික නියෝජිතයින්ගේ විශේෂ හමුවක් ඊයේ (06) කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ පැවැත් විනි.මෙහි ලාංකික නියෝජිකයා වශයෙන් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් ද නවසීලන්ත නියෝජිකයන් වශයෙන් නවසීලන්ත තානාපතිනිය සහ නවසීලන්ත වෙළද කටයුතු අමාත්‍යවරයා වන ඩේවිඩි බෙනටි මහතාද සහභාගී විය.
මෙහි අරමුණ වන්නේ පසුගිය වසර දෙක තුල දෙරට අතර ඇති කරගත් සම්බන්දතාවය තවදුරටත් සාර්ථකව ඉදිරියට රැගෙනයාම වන අතර ව්‍යාපාරික මට්ටමින් තව දුරටත් නවසීලන්ත සහය සහ පවතින සේවා තව දුරටත් වර්ධනය කර ගැනීමයි.

මේ සම්බනදෙයන් නවසිලන්ත ව්‍යාපාරික නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා සමගද සාකච්ඡා කර ඇති අතර ඉදිරියට වැඩිවන ඉල්ලුම අනුව තාක්ෂණික සේවා සහ සෞඛ්‍යය යන අංශවලට ද තව දුරටත් සහය පල කිරීමට සාකච්ඡා කර ඇත.
පසුගිය ගිය සමය තුල නවසීලන්තය ව්‍යපාර මට්ටමෙන් ගනුදෙනු කරන රටවල් අතර ලංකාව 40වන ස්තානයේ රැදී සිටි බවත් දැන් එම ස්ථානය 37වන ස්ථානයට වර්ධනය වී ඇති බවත් මෙහිදී නවසීලන්ත වෙළද කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළහ.
මෙම වැඩසටහනට විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමන් ද සහභාගි වූ අතර එතුමා ප්‍රකාශ කර සිටියේ මෙය රටක් වශයෙන් අපට ලැබුනු වටිනා අවස්ථාවක් බවත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන සහ ආර්ථික දැක්ම සාර්ථක ව ඉදිරියට ක්‍රියාත්මක කිරිම සදහා මෙය අනගි අවස්ථාවක් බව හා පැමිණි සියලුම ව්‍යාපාරික නියෝජිතයන්ට ස්තුතිය පුදකරන බවත්‍ ය.

Related posts

අගමැති වියට්නාම නිල සංචාරය අරඹයි

Shiran Viraj

අද සිට තවත් භාණ්ඩ 328ක ආනයන සීමා ඉවතට..

Shiran Viraj

සෙල්ලම් කරන්න අත පය වාරු නැති පුංචි දියණියක් ගැන දුක හිතෙන කථාවක් – Photos

Shiran Viraj
Translate »