26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

උදැසන නවයේ සිට කොළඹ සහ අවට ප‍්‍රදේශවලට පැය 15 ක් ජලය කැපේ

අද උදෑසන නවයේ සිට මධ්‍යම රාත‍්‍රී 12 දක්වා පැය 15ක කාලයක් කොළඹ හා අවට ප‍්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.
මහරගම, බොරලැස්ගමුව හා කොලොන්නාව යන නගර සභා බල ප‍්‍රදේශ ද ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළේ.
කොටිකාවත්ත මුල්ලේරියාව ප‍්‍රදේශීය සභා බල ප‍්‍රදේශයේ සහ රත්මලාන ප‍්‍රදේශයේ ද ජල සැපයුම එම කාලසීමාව තුළ අත්හිටුවනු ඇති.
අත්‍යවශ්‍ය නඩත්තු කටයුතක් හේතුවෙන් අදාළ ප‍්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.
(under the courtesy of nethfm news web)

Related posts

විරෝධතාකරුවන්ට පොලිසියෙන් කදුළු ගෑස් හා ජල ප‍්‍රහාරයක්..

Shiran Viraj

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Shiran Viraj

ඊයේ එජාපයට ගිහින් අද යළිත් ආණ්ඩුවට එන මන්ත්‍රි මෙන්න

Shiran Viraj
Translate »