26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNewsPolitical

අන්තිමේදී ඒඑස්පී මෛත්‍රී ගාණේ කටාර් යයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියානු තානාපති ධූරය දැරූ ඉඩකඩම් ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා නව රජය යටතේ කටාර් දේශයේ ශ්‍රී ලංකා තානාපති ලෙස ඊයේ පත්වීම් ලිපිය ලබා ගත්තා. ඔහු ලබන 15 වනදා සිට කටාර් තානාපති සේවයට වාර්තා කරනු ඇත.
පසුගිය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ සහාය අපේක්ෂකයෙකු ලෙස ජනපති පදවියටද ඉල්ලූ ලියනගේ මහතා පසුකාලීනව වඩාත් ප්‍රකට වූයේ පරාජිත මහින්දට කොළඹින් පීකොක් මන්දිරයක් ලබාදීමේ සිද්ධියක් නිසාය. ඒ දිනවල ඔහු මහින්ද වෙනුවෙන් සැදී පැහැදී වැඩ කළේ පීකොක් මන්දිරයේ ජ්‍යොතිෂ්‍ය දෝෂ සකසන්නට පිහිනුම් තටාකයේ වැලිද පුරවමිනි.
කෙසේ වෙතත් ඔහු විසින්ම පැතිරූ ආරංචි නිසා පුවත්පත් වල එම වැලි පිරවූ තටාකයේ වටිනා දේ සඟවා ඇතැයි පුවත් පළවිය. පොලිසිය උසාවි නියෝගයෙන් වැලිද ඉවත් කර කිසිවක් නැතැයි කියමින් ‘නාටක‘ද රඟ දැක්විණි.
කෙසේ වෙතත් මෙම මන්දිරය හිටපු ජනපතිවරයාට විකිණූ බවට ආරංචි පැතිරී ඒ ගැන එෆ්සීඅයිඩී පරීක්ෂණ පැවැත්වූ අතර ඒ සඳහා ලියනගේ මහතා කිහිපවරක් පොලිසි ගියේය. අනතුරුව ශ්‍රිලනිප සංවත්සර අවස්ථාවක මෛත්‍රී ජනපතිවරයාට සහාය පළකරමින් වේදිකාවට නැග පිල්මාරු කරන්නට ලියනගේ මහතා කටයුතු කළේ මහින්දට විරුද්ධව මෛත්‍රීට පක්ෂව පුවත්පත් දැන්වීම් පවා පළ කරමිනි.
මේ ආකාරයට පිල්මාරු දේශපාලනයක නිරතවූ අපූරු පුවත් මවන්නෙකුද වූ වේදිකාවෙන් ඔතෙලො,රූපවාහිනියෙන් හිමි අහිමි ටීඑන්එල් පැදුරු සාජ්ජය ඉදිරිපත් කළ ඒ එස්පී ලියනගේ මහතා දැන් නව රජයේ හොඳ හිතවතෙක්වී ඇති අතර කටාර් දේශයේ ලංකාවේ තානාපති පත්වීම මෙසේ ලබාගෙන තිබේ

Related posts

කැළණි ගග උතුරයි.. මහ ගංවතුරක් කොළඹ බලා…

Shiran Viraj

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

Shiran Viraj

වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා!

Shiran Viraj
Translate »