2026-01-23
mediahumanrights.lk
International NewsNews

සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයා

යාචකයෙකු ලෙස මුදල් ලබා ගනිමින් සුඛෝපභෝගී  ජිවිතයක් ගෙවන පුද්ගලයෙකු පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මොහු වයස අවුරුදු 32 ක් වූ බෙන්ජමින් හොල්ස්ට් නම් ජර්මානු ජාතිකයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.
මෙම පුද්ගලයාට Macrodystrophia lipomatosa නම් එක් කකුලක් ප්‍රමාණයට වඩා විශාල වීමේ රෝගයක් ඇති අතර එය ප්‍රදර්ශනය කරමින් යාචකයෙකු ලෙස මුදල් එකතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් මොහුට ඇවිදීමේ අපහසුතාවයක් නොමැති බවයි වාර්තා වන්නේ.
තායිලන්තය,මැලේසියාව, ඉන්දුනීසියාව,හොංකොං, පිලිපීනය වැනි ආසියානු රටවල සිඟමන් යෙදෙමින් එම මුදල් වලින් සුඛෝපභෝගී ගත කිරීමට හුරු වූ අරුම පුදුම මිනිසෙක් බවයි ඔහු ප්‍රසිද්ධව ඇත්තේ.
මොහුගේ එක් කකුලක් විශාල වීම හේතුවෙන් Big Foot ලෙසද මෙම පුද්ගලයා හදුන්වන බව සදහන්.
බෙන්ජමින් හොල්ස්ට්ගේ මෙම ක්‍රියාව අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ වූ පසු ‘ආසියාවේ ලොකුම වංචාකාරයා’නම් අනුවර්ත නාමයක් මොහුට පට බැඳී තිබෙනවා.
2014 වසරේදී මොහු තායිලන්තයේ රැදී සිටින අවස්ථාවේදී එරට රජය විසින් ඩොලර් 1,400ක ගුවන් ටිකට් පතක් ලබාදී තායිලන්තයෙන් පිටවීමට නියෝග කර තිබෙනවා.
මොහු සුපිරි හෝටල්, මිල අධික අවන්හල් වලට ගොස් සුඛෝපභෝගි ලෙස ජීවත් වන අයුරු, ආහාර පාන හා සුරූපී තරුණියන් සමඟ විනෝදවන අයුරු ඔහුගේ facebook ගිණුමේ සටහන් කර ඇති බවට විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරනවා.
(under the courtesy of hirunews news web)

Related posts

එළවළු මිළ පහත වැටීම ගැන ජනපති අවධානය

Shiran Viraj

බොරැල්ලේ පල්ලියට බෝම්බ තැබූ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගනී.. පනස්දාහක කොන්ත‍්‍රාතුවක්..

Shiran Viraj

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

Shiran Viraj
Translate »